Colombo Today Local News

“LTTEයේ සහය නොවෙන්න, ලංකාවේ තවමත් පෝලියෝ” රොටරි සමුළුවේදී අගමැතිගෙන් කොටින්ට පැසසුම්

උතුරු නැගෙනහිර පළාත්වල පෝලියෝ එන්නත ලබා දීම වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය අවි බිම තබා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම නිසා දස වසරකට පෙර පෝලියෝ රෝගයෙන් තොර ලංකාවක් බිහිකරන්නට හැකිවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ දකුණු කොරියාවේ සෝල් නුවර ඊයේ පැවති ජාත්‍යන්තර රොටරි සමාජයේ 107 වැනි සමුළුවේ මුඛ්‍ය දේශණය පවත්වමිනි.

1995 දී පෝලියෝ එන්නත ලබා දීම රටපුරා එක්වර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය යුනිසෙෆ් හා රොටරි සමාජ නියෝජිතයන් රජයට පෙන්වා දුන්න ද එවකට උතුරු නැගෙනහිර පළාත් වල පැවති යුදමය වටපිටාව ඊට බාධාවක් වූ බව අගමැතිවරයා කියා සිටියේය.

‘ඔලුව හොඳ නැද්ද?’

එම අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ ගැටුම් පවතින ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල දරුවන්ට පමණක් එන්නත ලබා දීමට කටයුතු කළ හැකි බවය.

රොටරි සාමාජිකයන්ගේ ‘ඔළුව හොඳ නැති බවක්’ ඇදහූ සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් “ඔයගොල්ලන්ට පේන්නේ නැද්ද මේ රටේ යුද්ධයක් තිබෙනවා. අපට උතුරු නැගෙනහිර ප්‍රදේශවල පාලනයක් නැහැ. ඉතින් ඔයාලා මොකක්ද අපට කරන්න කියන්නේ?” යි විමසා සිටි බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.

එහෙත් රොටරි සමාජයේ මැදිහත් වීමෙන් එල්.ටි.ටි.ඊ සංවිධානය රජයට දන්වා ඇත්තේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන වෙනුවෙන් රජය අවි බිම තබන්නට සුදානම් නම් ඔවුන් ද අවි බිම තබා සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට සුදානම් බවය.

ඒ අනුව රජය ද අවි බිම තබා ප්‍රතිශක්තිකරණ වැඩසටහන සාර්ථකව නිමා කළ බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

දරුවන්ට ආදරය කරනා බව :

“එය සමථ කාලයක් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපට පෝලියෝ රහිත ශ්‍රී ලංකාවක් බිහි කරගන්නට හැකිවුණා. මේ සමථ කාල සීමාව සහ ජාතික ප්‍රතිශක්තිකරණ දිනය අපට ඊටත් ඔබ්බට ගිය තවත් යමක් පෙන්වා දුන්නා. අපට බලාපොරොත්තුවක් ලබා දුන්නා. අපි එකිනෙකා කෙරෙහි බියෙන් කටයුතු කරන පරිසරයක වුවත්, අප සියළු දෙනාම අපගේ දරුවන්ට ආදරය කරනා බවයි,” අගමැතිවරයා පැවසීය.

Radiogagana

Related posts

”ඔය වොයිස්කට් දෙන බහුතරය දියවැඩියාවට බෙහෙත් බොනවා”

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

ජනාධිපති ඇතුළු කිහිපදෙනෙක් ඝාතනය කරන බවට බූස්සේ සිර කර සිටින පාතාල කෙරුමන් දන්වයි

colombotoday

එජාප මන්ත්‍රී විජේදාස, ගෝඨාගේ සහයට එක්වෙයි..!

colombotoday

පොහොට්ටුව කුරුණෑගල මහ නගරසභාවේ බලය අල්ලයි… නගරාධිපති, උපනගරාධිපති පොහොට්ටුවෙන්

colombotoday

උද්ඝෝෂකයෝ මහරගම පොලිස් ස්ථානාධිපතිට ඇඟිලි දෙකක් අහිමි කරයි. – නායකත්වය දුන් දෙදෙනෙක් අත්අඩංගුවට.

colombotoday