Colombo Today Local NewsUncategorized

ගුරු – විදුහල්පති ගැටලුවට අද සයිබර් විරෝධතාවක් – ඇමති අනු කමිටුවේ හමුව අවලංගුයි

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හමුවට අද(17)දින පැමිණෙන ලෙස කර තිබූ කැදවීම අවලංගු වූ බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළේය.

එහි නියෝජිත ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ, අද(17)දින පැමිණ සිය ගැටලු ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් මීට පෙර දැනුම් දී තිබූ බවය.

කෙසේ වෙතත් අද නොපැමිණෙන ලෙසත්, කමිටුව හමුවට පැමිණීමට හෙට(18 ) දිනයේ අවස්ථාව ලබා දෙන බවත් ඊයේ(16) පස්වරුවේ අමාත්‍ය අනුකමිටුව දැනුම් දුන් බව ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා අධ්‍යයනය කර වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සදහා පසුගිය 09 වැනිදා අමාත්‍යවරුන් 05 දෙනෙකුගෙන් යුත් අනුකමිටුවක් පත් කෙරිණි .

එහි සමාජිකයින් වන්නේ බැසිල් රාජපක්ෂ, මහින්ද අමරවීර, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග හා ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ය.

මේ අතර, ගුරු – විදුහල්පති විරෝධතාවයට සමගාමීව අද(17) සයිබර් විරෝධතාවක් ආරම්භ කරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිත, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

Related posts

මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නවා

colombotoday

සත්ව ආහාර ලෙස ඉවත් කළ දේශීය කිරිපිටි තොගයක් මිනිස්සුන්ට පොවන්න හදලා – අයර්ලන්ත ලේබලයෙන් ආ කිරිපිටි වල රහස හෙළිවෙයි…!

colombotoday

අද ලංකාවේ සෑම මුස්ලිම් නිවසක්ම මල ගෙයක් වගේ වෙලා… ඒ තරම් වේදනයි – ඇමති බදියුදීන්

colombotoday

චීන ජාතිකයන් ගැන ලංකාවේ ඇතැම් අයගේ ක්‍රියාකලාපය පිළිබදව චීන තානාපති කණගාටුව පලකරයි !

colombotoday

විජය රජතුමා ලංකාවට පැමිණි බවට කිසිම සාක්ෂියක් නැහැ – මහාචාර්ය රාජ් සෝමදේව

colombotoday

විමල් ඉතිහාසය වෙනස් කරයි.. වැලිකඩ සිර කුටියේ උපවාසයක් අරඹයි !

colombotoday