Colombo Today Local News

මාදම්පේ ජනතාවගේ දේව කන්නලව්ව

මාදම්පේ ප්‍රදේශයේ සිදු කෙරෙන පරිසර විනාශය නවතා දෙන ලෙස ඉල්ලමින් ජනතාව ඊයේ(17)දින දේව කන්නලව්වක නිරත විය.

මේ දේව කන්නලව්ව පැවැත්වුණේ, මාදම්පේ ආගමික ස්ථානයකදීය.

මීට මාදම්පේ ගම්මාන කීපයක ජනතාව හා ආගමික නායකයන් එක්විය.

දේව කන්නලව්වක නිරත වෙමින් ජනතාව පෙන්වා දෙන්නේ, මාදම්පේ, සුදුවැල්ල, මුගුණුවටවන ඇතුළු ප්‍රදේශ කීපයක සිදු කරන වැලි ජාවාරම් හේතුවෙන් විශාල පරිසර විනාශයක් සිදුවන බවයි.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට නිසි බලධාරියෙකු නොමැතිකමින් මෙම අවනඩුව දෙවියන්ට කීමට සිදුව ඇති බවට ප්‍රදේශවාසීන් මැසිවිලි නගති.

Related posts

පළමු වසරේ දැරියකට කනට ගැසූ ගුරුවරියක් අත්අඩංගුවට

Admin

මුහුදේ පාවෙමින් තිබූ අදහාගත නොහැකි දේ

Admin

විදුලි ගාස්තුව ගැන තීරණයක්

Admin

වතුකරයේ දෙමළ ළමුන්ට කුරාණය උගන්වන නීති විරෝධි මධ්‍යස්ථාන හතරක්….

colombotoday

ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සුදර්ශනී පරදා එජාපයේ ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කතානායක වෙයි

colombotoday

ඔන්ලයින් ණය දුන් චීනුන් ගේ මධ්‍යස්ථානයක් වටලයි

Admin