Colombo Today Local News

ප්‍රමුඛතාව අනුව උසස් පෙළ – සාමාන්‍ය පෙළ සිසුනට ෆයිසර් එන්නත ලබා දිය යුතුයි

ප්‍රමුඛතාවය අනුව උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා වහා පාසල් විවෘත කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ දී පැවසීය.

ඒ සදහා උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුනට ප්‍රමුඛතා පදනමක් මත කඩිනමින් ෆයිසර් එන්නත ලබා දිය යුතු බව ද ඔහු සදහන් කළේය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් රණවක මහතා තවදුරටත් මෙසේ ද පැවසීය.

“විශ්ව විද්‍යාල අධ්‍යාපනය අඩාල වීමෙන් අධ්‍යයන වර්ෂ දෙකකට අධික කාලයක් සිසුන්ට අහිමි වී තිබෙනවා. එමෙන්ම මේ වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට තිබූ උසස් පෙළ විභාගය ඔක්තෝබර් නොවැම්බර් දක්වා කල් ගොස් තිබෙනවා. ඒ පිළිබඳව නිශ්චිත දිනයක් තීරණය කොට නොමැති තත්ත්වයක් තුළ ආණ්ඩුව පාසල් ආරම්භ කිරීමක් ගැන කතා කරනවා.

විධිමත්ව පාසල් සිසුන් සියලුදෙනාවම එන්නත්කරණය කරලා, ගුරුවරු එන්නත්කරණය කරලා, ගුරුවරුන්ගේ වෘත්තීය අරගලය සාධාරණ පදනමකින් විසඳලා ජනවාරි පළවෙනිදාවත් පාසල් විවෘත කරන්න කියලා අපි ඉල්ලීමක් කරා. ඒ එකක්වත් ආණ්ඩුව කරන පාටක් නැහැ.

ඒ වෙනුවට ආණ්ඩුව දැන් ප්‍රකාශ කරන්නේ 100 ට අඩු සිසුන් සිටින පාසල් විවෘත කිරීමට යන බවයි.

ගම්බද ප්‍රදේශවල වැසී යමින් තිබෙන පාසල් ප්‍රමාණයක් තිබෙනවා. එම පාසල්වල අධ්‍යාපනය ලැබෙන්නේ බොහෝ දුරට ශිෂ්‍යත්ව විභාගය දක්වා පමණයි. ඒ පාසල් නැවත පටන් ගැනීමෙන් මේ තිබෙන අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නැහැ.

Related posts

මාලිමා මාධ්‍ය වාරණයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයත් කැළඹෙයි

Admin

විමල් විරවංශ වැලිකඩ බන්ධනාගාර රෝහලට

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරමුන් 218දෙනෙකුගේ වත්කම් රජයට

colombotoday

පොදු ප්‍රවාහන භාවිතයට අදාළව නිරෝධායන නියෝගයක්

colombotoday

20 සම්මත වුනොත් රට තුළ බලවත් විරෝධතා ඇතිවෙනවා – පාඨලී චම්පික

colombotoday

මිනුවන්ගොඩ රෝහලේ කාර්ය මණ්ඩලය අවධානමේ PCR පරීක්ෂණ කරන්න – රෝහල් කාර්ය මණ්ඩලය කියයි

colombotoday