Colombo Today Local News

අල්ලස් හෝ දුෂණ කොමිසමට නව විමර්ශන අධ්‍යක්ෂකවරයෙක්

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව විමර්ශන අධ්‍යක්ෂවරයා ලෙස නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංග විතානගේ මහතා පත්කර තිබේ.

ඒ අනුව මෙතෙක් එහි විමර්ශන අධ්‍යක්ෂවරිය වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මිය පොලිස් මූලස්ථානයේ සුබ සාධක අංශයට මාරු කර ඇත.

නව අධ්‍යක්ෂවරයා වශයෙන් පත්වීම් ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා සහකාර පොලිස් අධිකාරීවරයකු වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික් භාර නිලධාරිවරයා වශයෙන් සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර 10කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ නිලධාරියෙකු වෙයි.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද කාලයේදී පොලිස් අධිකාරී සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යන නිලයන් දරමින් එම දෙපාර්තමේන්තුවේ ආන්දෝලනාත්මක විමර්ශන ගනනාවකටම දායකත්වය ලබා දුන් දක්ෂ නිලධාරියෙක් බව පැවසෙයි.

මේ අතර ශ්‍රී ලංකා නිතී විද්‍යාලයෙන් නීතිය හදාරා ශ්‍රේෂ්ඨාධිකරණ නිතීඥයකු ද වශයෙන් වසර 08ක් කටයුතු කළ අයෙක් ද වෙයි.

Related posts

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් දිවයිනට

colombotoday

රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මකයි, ඇප නෑ – බලපාන කරුණු සියල්ලම මෙන්න..! (VIDEO)

colombotoday

ජාතියේ හිස සිදින උමතු විස්‌ස – රියර් අද්මිරාල් සරත් වීරසේකර

colombotoday

සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

Admin

ජනපති ගෝඨාභයගේ ප්‍රකාශය අපි සතුටින් භාරගන්නවා – TNA සැර බාල වෙයි

colombotoday

බොරතෙල් චෝදනාවට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වනවා – කංචන විජේසේකර

colombotoday