Colombo Today Local News

මසුන් මැරීමෙන් අකුසල් වන බව දේශනා කළ හිමිනමව දෙව්දත්ලා පස්දෙනෙකු පහරදී ඝාතනය කරයි

පස්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකගේ පහරකෑමට ලක්ව මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි වැලිගම ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිකාරි හිමිනම පෙරේදා (16)දින අපවත් වී තිබේ.

විහාරස්ථානය අසල ඇළේ මාළු අල්ලමින් සිටි තරුණයකු හට මසුන් මැරීමෙන් අකුසල් සිදුවන බවට උන්වහන්සේ පවසා තිබුනි.

හිමිනමගේ උපදෙස් වලින් කෝපයට පත් මෙම තරුණයා තවත් තරුණයන් සිව්දෙනකු සමඟ විහාරස්ථානයට පැමිණ උන්වහන්සේට පහරදී ඇති අතර පහරකෑම්වලට ලක්වූ ස්වාමීන්වහන්සේ මාතර මහ රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.

Related posts

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ISIS ත්‍රස්තයින් සහරාන්ගේ දේශනා අසා රැඩිකල්කරණය වූ බව කියයි

colombotoday

රනිල් ශ්‍රීලනිප ඇමතිලා ලවා කොස්ඇට බාවනවා..

colombotoday

නව කැබිනට් ප්‍රකාශකයෙක් සහ සම කැබිනට් ප්‍රකාශකවරු තිදෙනෙක්

colombotoday

කලා වැවේ දීඝදන්තුට විදුලි සැරවැදෙයි

Admin

දිස්ත්‍රික්ක නවයක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

හෙට පාර්ලිමේන්තු සංකිර්ණයට රැගෙන එන තොන්ඩමන්ගේ දේහය

colombotoday