Colombo Today Local News

රනිල්ගේ ‘මෙගා පොලිස්’ යල්පැන ගිය එකක්.. ගෝඨාගේ සුපිරි සැළසුමේ මුල් අදියර දැනටමත් ඉවරයි.. යහපාලන ආර්ථික ඔස්තාර්ලා හාන්සියි

gota 232

කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි චම්පික රණවක ඇමතිවරයා යටතේ ක්‍රියාත්මක වන මෙගා පොලිස් සැලසුම වර්ෂ 15ක් පමණ පැරණි එකක් බවත්, එය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීන උපදේශකවරු මගින් සකස් කරන ලද චීනයේ ෂැංහයි නගර සැලසුම ආදර්ශ කරගත් නගර සැලසුමට වඩා දුර්වල සහ අවිධිමත් එකක් බවත්, නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් වාර්ථා වේ.

2001 වර්ෂයේ රනිල් වික්‍රමසිංහ රජය සමයේ සිංගප්පූරුවේ CESMA ගෘහ නිර්මාන ශිල්පීන් හා නගර සැලසුම්කරුවන්ගේ සහාය ඇතිව නිර්මාණය කර ඇති එය අදට නොගැළපෙන බව ප්‍රකාශ වේ.

තවද අග්‍රාමාත්‍යරවයා විසින් පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද එම සැලසුම පිළිබදව චම්පික රණවක අමාත්‍යවරයා නොසතුටින් සිටින බව වාර්තාවන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමෙන් පසුව චම්පික රණවක ඇමතිවරයා පවසා ඇත්තේ, රාජකාරිවල අගමැති රනිල් දිගින් දිගටම ඇගිලි ගැසීම ගැන නැවත වරක් සිතන්නට සිදුවන බවය. අගමැතිවරයා ‘සියල්ල දත්’ ලෙස පෙනී සිටින බවද චම්පික රණවක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

නව නගර සැලසුමේ බොහෝ කරුණු ඊටත් ඉහළ මට්ටමකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කර ඇති බවත්, බේරේ වැව ආශ්‍රිත වි‍නෝද උද්‍යානය, පිටකොටුව ආර්ථික කේන්ද්‍රස්ථානය හා කොළඹ නගරයේ තට්ටු නිවාස මේවන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කර අවසන් බවත්, අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.

2001 වර්ෂය තරම් ඈත කාලයක නගර සැලසුමක් අදට නොගැලපෙන බවත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හිතුවක්කාර ලෙස වැඩ කරනවා මිසක් රටට ඕනෑ දෙය නොකරන බවත් අමාත්‍යාංශ නිළධාරීන් අතර කතාබහට ලක්වී ඇත.

තවද සැලසුම තිබුණත් ඒ සදහා මහින්ද රාජපක්ෂ රජය ලබාගත් ආධාර හා ණය මුදල් වලින් කෙරෙන ව්‍යාපෘති හැර මේ වනතුරු කොළඹ නගර සැළසුම ක්‍රියාත්මක කිරීම සදහා සතයක්වත් ලැබී නොමැති බවද ප්‍රකාශ වේ.

බටහිර රටවල ආයෝජකයන් දහස් ගණනක් ගෙන්වා ගැනීමට හැකි බව පෙන්වා දුන් හර්ෂ ද සිල්වා වැනි ආර්ථික ඔස්තාර්ලා මේ වනවිට බිමට සමතලා වී සිටින අතර මහින්ද රාජපක්ෂ රජයේ වැඩපිළිවෙල පිළිගැනීමට දැන් ඔව්න්ට සිදුව ඇත.

Related posts

දුමින්දට තවත් නඩුවක් වැටෙයි

colombotoday

අන්තර්කාලීන ආණ්ඩුවකට කල යෝජනාවට යහපත් ප්‍රතිචාර – විමල් වීරවංශ

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ට අදාළ ගෙවීම් ජූලි සිට

Admin

ජනපතිට පිට කොන්දක් තිබේනම්, කරන්න ඕන දේ කියයි !

colombotoday

උත්සව සමයට විශේෂ ආරක්ෂාවක්

colombotoday

විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවන්න රජයේ අවධානය

Admin