Colombo Today Local News

පොල්තෙල් ද ඇතුළුව ආනයනික ආහාර ගැන පරීක්ෂණ පවත්වන්නැයි රජයේ ගිණුම් කාරක සභාව දැනුම් දෙයි

පොල්තෙල් ද ඇතුළුව මෙරටට ආනයනය කරන ආහාර වල මිනිස් පරිභෝජනයට නුසුදුසු හානිකර ද්‍රව්‍ය තිබේ දැයි පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (16)දින දැනුම් දී තිබේ.

මේ අනුව ආහාර පරීක්ෂා කිරීමේ බලය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බැවින් රසායනාගාර පහසුකම් වැඩිදියුණු කරන ලෙස මෙන්ම ආහාර සුරක්ෂිතතාවයට අදාළ නීති කඩිනමින් සංශෝධනය කළ යුතු බවත් රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කර ඇත.

ඊට අදාළ උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට ලබා දී තිබේ.

ආහාර පරීක්ෂා කරන රසායනාගාර අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් පවතින ගැටලුකාරී තත්ත්වය උග්‍රවී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී පෙන්වා දී ඇත.

Related posts

දුමින්ද දිසානායකට එරෙහිව විනය  ක්‍රියාමාර්ගයක්

Admin

කළුතර සිසුවියගේ මරණයට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Admin

STF මෙහෙයුමකින් ගජමුතු 6 ක් සමග සැකකරුවෙක් කොටු

colombotoday

වනඅලියෙකු පහරදීමෙන් තිදරු පියෙක් මරුට

colombotoday

65ක කාන්තාවක් පොල් අතු නිවසක පිලිස්සි මියයයි

Admin

ජනපති අසරණ වෙයි.. රනිල් අගමැති ධුරයෙන් ඉවත් නොකරන්නැයි බටහිර රටවල්වලින් බලපෑම්..

colombotoday