Colombo Today Local News

මහ කන්නයට කාබනික පොහොර නිෂ්පාදනයට පියවර

එළඹෙන මහ කන්නය සඳහා කාබනික පොහොර නිෂ්පාදනයට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩී. රණවක මහතා සඳහන් කළේ, අනුරාධපුර සහ පොලොන්නරු දිස්ත්‍රික්කවල සුදුසු ස්ථාන 35 ක් ඒ සඳහා තෝරාගෙන ඇති බවය.

මේ වනවිට එම කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සිදු කරන බවත් මේ මස අවසන් වනවිට ඒවා අලෙවි කරන බවත් ඔහු පවසයි.

මාස් කන්නය සඳහා නිෂ්පාදන කරන පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 20,000 කි.

එලෙස නිෂ්පාදනය කරන පොහොර තොග ලංකා පොහොර සමාගම මිලදී ගැනීමට ගිවිසුම් ගතවූ බව ද ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩී. රණවක මහතා සඳහන් කරයි.

Related posts

ජාතියට අහිමිවූ බෙල්ලන්විල නාහිමියන් ගැන ඔබ නොදත් කතාව

colombotoday

හදිසි නීති රෙගුලාසීවලට අදාළ විවාදය ලබන සඳුදා

colombotoday

අලුත් අවුරුද්දට පෙර සහන නොලැබුනොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

colombotoday

වෛද්‍ය මධ්‍යස්ථානයක කොල්ලය වරදී…

colombotoday

රජයේ අත්‍යවශ්‍ය සේවා ආයතන වලට හිඟ විදුලි බිල්පත් ගෙවන්න සහන කාලයක්

Admin

ඇඳිරි නිතිය මුළුමනින්ම ඉවත් කෙරේ

colombotoday