Covid 19

නිවසේදීත් මුව ආවරණයන් පැලඳීම අනිවාර්ය කර ගන්න.. වෛරසය ආසාදනය වීමට ගතවන්නේ තත්පර 15යි

ඩෙල්ටා ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිර යන බැවින් නිවෙස තුළදී වුවද මුව ආවරණයන් පැලඳීම අනිවාර්ය කර ගන්නැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

වැසිකිළිය, නානකාමරය භාවිත කිරීමේදී නිවසේ එක් පුද්ගලයෙක් එය භාවිත කර විනාඩි 15ට පසුව තවත් පුද්ගලයෙකු භාවිත කරන්නේ නම් යම් හෙයකින් වෛරසය ආසාදනය වීමේ හැකියාවක් නොමැති බව ද වෛද්‍ය දීපාල් පෙන්වාදේ.

වෛරසය ආසාදනය වීම සඳහා ගත වන්නේ තත්ත්පර 15 තරම් සුළු වේලාවක් බැවින් මුව ආවරණය තත්ත්පර 15ට හෝ ඉවත් කිරීම මගින් ආසාදිතයෙකු බවට පත් විය හැකි යැයි ද ඔහු සඳහන් කරයි.
එසේම ඉන්දියාවේ සහ ඇමරිකාවේ මේ වන විට දරුවන් අතර ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර යාමට පටන් ගෙන ඇති බැවින් ඔබගේ දරුවා නිවස තුළම රඳවා ගැනීමට කටයුතු කරන්නැයි ද පිටස්තර පුද්ගලයන්ට නිවස වෙත ඒමට ඉඩ ලබා නොදෙන්නැයි ද විශේෂඥවරයා අවධාරණය කරයි.

Related posts

කොරෝනා මර්ධනයෙන් ඊශ්‍රායලය සාර්ථකත්වයට. | මුහුණු ආවරණ නීතියත් ඉවත් කර දමයි.

colombotoday

දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ බටහිර හුදකලා කරයි.

colombotoday

දෛනික කොවිඩ් ආසාදිතයින් වැඩිම ගණන කොළඹින්.

colombotoday

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට කොවිඩ්

colombotoday

දරුණු විකෘතිතා සහිත නවතම කොවිඩ් ප්‍රභේදයක් හමු වෙයි

colombotoday