Colombo Today Local News

කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු මත්ද්‍රව්‍ය සමග දැලේ

ප්‍රදේශ කිහිපයක සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මන්නාරම, ග්‍රෑන්ඩ්පාස් සහ පානදුර ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

මන්නාරම තානාපුරම් හංදිය අසලදී අයිස් මත්ද්‍රව්‍ය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් 25 හැවිරිදි සහ 30 හැවිරිදි මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සොයාගෙන තිබේ.

මේ අතර ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 05ක් සමග 40 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ පානදුර රතුවත්ත ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 105ක් සමග 44 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බවය.

Related posts

කුපිත කරවූ පිරිස් ජොන්ස්ටන්ගේ කාර්යාලයටත් ජනතාව කඩා පනී

colombotoday

සහරාන්ගේ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ තරුණයෙක් රිමාන්ඩ්

Admin

“අයවැය රහස් හෙළි කිරීමට සූදානම් නැහැ”

colombotoday

පිල්ලෙයාන්ට දින 90ක රැඳවුම් නියෝග!

Admin

බණ්ඩාරවෙල තොග පොළ වසා දමයි.

colombotoday

IMF කමිටු අනුමැතිය ලබාදීම ගැන අවසන් තීරණය අද

Admin