Colombo Today Local News

“චන්ද්‍රිකාට, මෛත්‍රීට, මට නැති ආරක්ෂාවක් මහින්දට දෙන්න බෑ.. ඉතිරි හමුදාවත් ඉවත් කරනවා”

ruwan wijewardana

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ජිවීතයට කිසිදු තර්ජනයක් නොමැති නිසා ඔහුගේ ආරක්ෂාවට සිටින හමුදා නිළධාරින් ඉවත් කිරීමට රජය ගත් තීරණයේ කිසිදු වෙනසක් නැති බව, ආරක්‌ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විඡේවර්ධන පවසයි. මිහින්තලේ රජමහා විහාරස්‌ථානයේ චෛත්‍යයේ සුදු හුණු පිරියම් කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

යුද හමුදාවෙන් දැනට හමුදා සෙබළුන් එකසිය පස්‌ දෙනෙක්‌ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට අනුයුක්ත කර ඇති බවත්, ඔහුගේ ආරක්‌ෂාවට සිටි හමුදා නිලධාරින්ගෙන් මුලින්ම පනස්‌ දෙනෙක්‌ ඉවත් කර ඒ වෙනුවට පොලිස්‌ නිලධාරීන් පනස්‌ දෙනෙක්‌ අනුයුක්‌ත කිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කලා.

ඉදිරියේදී ඉතිරි යුද හමුදා නිලධාරීන් පිරිසත් ඉවත් කිරීමට කටයුතු කරන අතරම හිටපු ජනාධිපතිවරයාට තම ආරක්ෂාවට හමුදාව ඇර පොලිස් නිළධාරින් ඕනෑම ප්‍රමාණයක් ඉල්ලා සිටීමට අවස්ථාව පවතින බවද ඔහු කියා සිටියා. හමුදාව ඉන්නෙ රට ආරක්‌ෂා කිරීමට මිසක්‌ ප්‍රභූවරුන් ආරක්‌ෂා කිරීමට නොවන බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ,

මම රාජ්‍ය ආරක්‌ෂක රාජ්‍ය ඇමැතිවරයා. මටත් ආරක්‌ෂාවට ඉන්නෙ පොලිස්‌ නිලධාරීන් හය දෙනයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට එල්. ටී. ටී. ඊ. යෙන් තුන්වතාවක්‌ තර්ජන එල්ල වුණා. නමුත් එතුමාගේ ආරක්‌ෂාවටත් අද ඉන්නෙ පොලිස්‌ නිලධාරීන්. හිටපු ජනාධිපතිතුමියගෙ ඇහැක්‌ අහිමිවුණා එල්. ටී. ටී. ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන්. එතුමියටත් අද ආරක්‌ෂාවට ඉන්නෙ පොලිස්‌ නිලධාරීන්. ඉතින් මහින්ද රාජපක්‌ෂ මහතාට පමණක්‌ ආරක්‌ෂාවට යුද හමුදාවෙන් සියයක්‌, එකසිය පනහක්‌ වෙන් කළ නොහැකියි.

 

 

Related posts

රනිල්ගේ නිවස ඉදිරිපිටත් උද්ඝෝෂණ දෙකක්

colombotoday

2020 ජනපතිවරණයේ එජාප අපෙක්ෂකයා ගැන නවීන්ගෙන් ඉගියක්…

colombotoday

සනීපාරක්‍ෂක තුවා අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් කරන්න. ආණ්ඩුවට පැන්න ඩයනා ඉල්ලයි.

colombotoday

රත්නජීවන් හූල් ඡන්දය කල් දැමීමේ කොන්ත්‍රාත්තුවක් අරන්

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් රාජකාරී ආරඹයි

colombotoday

යු ටියුබ් වෙත ඩොලර් මිලියන 170 ක දඩයක්

colombotoday