Colombo Today Local News

“තෙවරප්පෙරුම ගැහුවෙ මට.. වැදුණේ එජාපයේ සන්දීත්ට” ගුටි කෙළිය ගැන ප්‍රසන්න රණවීර කියයි

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් තමාට එල්ල කළ ප්‍රහාරය එජාප මන්ත්‍රී සන්දීත් සමරසිංහට වැදී ඔහු බිම වැටුණු බව ඊයේ පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවිර මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂය පාර්ශ්වයෙන් සන්දීත් සමරසිංහ මන්ත්‍රීවරයාට පහරදුන් බවට ආණ්ඩුව අසත්‍ය ප්‍රචාරයක් ගෙන යන්නේ මෙම කරුණ වසන් කරමින් බවද රණවීර මහතා කියා සිටියේය.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කිරීමෙන් පසුව මන්ත්‍රීවරු සියලු දෙනා සභා ගර්භය මැද්දට ආවා. එහිදී යම්කිසි කතාබහක් ඇතිවුණා. ඒ අවස්ථාවේ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා මම ළඟ සිටියදී මට ගැහුවා. ඒ වෙලාවේ මම පහත් වුණා. සන්දීත් මන්ත්‍රීතුමා තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා ළඟ හිටියේ. තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ගහපු පාර තමයි සන්දීත් මන්ත්‍රිවරයාට වැදුණේ. එවේලේ මම පහත්වුණාම සන්දීත් මන්ත්‍රීතුමාට ඒ පහර වැදුණා.

ඒ වෙලාවෙ මගේ ඇඟටත් පහර කිහිපයක් වැදුණා. අපි දෙගොල්ලොම සභා ගර්භයේ හිටියා. මගේ මූණට, අතට පහරවල් කිහිපයක් වැදුණට ලොකු ආබාධයක් නැහැ. ඊටපස්සෙ දෙගොල්ලොම පොර බදන්න වුණා. මුලින්ම පහරදුන්නෙ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. දැන් ආණ්ඩුව පැත්තෙන් කියනවා අපි ගැහුවා කියලා. ඒක ඇත්තද කියලා වීඩියෝ දර්ශන තියෙනවා නම් බලන්න පුළුවන්. ආණ්ඩුව හැමදාම චණ්ඩිකම් කර කර ඒකාබද්ධ විපක්ෂය කළා කියනවා. නමුත් ඇත්ත තත්ත්වය ඔක්කොම දන්නවා” යනුවෙන්ද ඔහු කියා සිටියේය.

Related posts

බර වාහන බලපත්‍ර ඇති රියැදුරන්ට බ්‍රිතාන්‍යයේ වීසා

colombotoday

පාසැල් දරුවන් “පැති කුදය“ රෝගයෙන් බේරා ගන්න අලුත් පොත් බෑග් එකක් !

colombotoday

සමීක්ෂණ වාර්තා අනුව ඊලග ජනාධිපති මමයි

Admin

නාමල්ගේ අමාත්‍යාංශය ජීවන් තොන්ඩමන්ට. – ලංකා කම්කරු කොන්ග්‍රසය යලිත් රජයට ?

colombotoday

දැවැන්ත මූල්‍ය වංචාවක්.. ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමණාකරු බ්‍රයන් තෝමස් රිමාන්ඩ්…

colombotoday

‘ඇමතිකමෙන් ඉවත් කළොත් බැඳුම්කර රහස් එළි කරනවා‘ ප්‍රබල ඇමතිගෙන් අගමැතිට තර්ජණ !

colombotoday