Colombo Today Local News

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිනිය ජූලී චන්ග්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිනිය ලෙස ජූලී චන්ග් නම් කරනු ලැබ තිබේ.
ධවල මන්දිරය ඊයේ (15)දින මේ බව නිවේදනය කළේ ය.

එරට විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන ජූලී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ බටහිර කලාපීය කටයුතු පිළිබඳ කාර්යාංශයේ වැඩබලන සහකාර ලේකම්වරිය ද වන්නී ය.

ඇය මීට පෙර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජපන් කටයුතු පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කර තිබේ.

ජූලී මීට පෙර ලොව රටවල් කිහිපයකම තානාපති කාර්යාලවල විවිධ තනතුරු හොඹවා ඇති හසල පළපුරුද්දක් සහිත අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකි.

ජූලී කාම්බෝජයේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ තායිලන්තයේ බැංකොක්හි තානාපති කාර්යාලයේ ආර්ථික උපදේශකවරිය ලෙස ද සේවය කර තිබේ.

ජූලී මීට පෙර ඉරාකයේ බැග්ඩෑඩ් නුවර අමෙරිකානු තානාපති කාර්යාලයේ සම්බන්ධීකාරකවරියක ලෙස කටයුතු කර ඇති අතර කොලොම්බියාව, වියට්නාමය සහ ජපානය යන රටවල අමෙරිකානු තානාපති කාර්යාලවල සහ චීනයේ එක්සත් ජනපද කොන්සල් කාර්යාලයේ ද සේවයේ නියුතුව ඇත.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය හදාරා ඇති ජූලි කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධිය හදාරා තිබේ.

මෙරටට පත්වී පැමිණීමට නියමිත නව තනාපති ජූලී චන්ග් කොරියානු, ජපන්, සපාඤ්ඤ සහ කාම්බෝජයේ (කෙමර්) භාෂාවන් ද හැසිරවීමට දක්ෂ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකි.

Related posts

ප්‍රබල ඇමතිගේ ලේකම්, පෙම්වතා කොකේන් සමග මාට්ටු.. නිදහස් කරන්න පොලිසියට බලපෑම් !

colombotoday

ජනපති ඇමරිකානු පුරවැසිභාවය 2019 අප්‍රේල් ඉවත් කරගෙන. ඇමරිකානු රජය නිවේදනය කරයි.

colombotoday

සජිත් පැන්ෂන් යවා විපක්ෂය අපිට දෙන්න

Admin

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලමට

Admin

අට පිරිකර නිෂ්පාදනයට සහ අළෙවියට ලියාපදිංචි වීම අනිවාර්යයි

colombotoday

රට විවෘත කිරීමේදී නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

colombotoday