ආණ්ඩුවේ ලොකුම අඩුපාඩුව වන්නේ ආණ්ඩුව කරන හොද වැඩ ජනතාවට ගෙනයාමට ආණ්ඩුව පාර්ශවය කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ අද(01) කොළඹදී පැවැත්වෙන රණසිංහ ප්‍රේමදාස ජනාධීපතිවරයාගේ ගුණසමරුවට එක්වෙමිනි.
ආණ්ඩුව කරන හොද වැඩ ජනතාවට ගෙනයාමට ආණ්ඩුව පාර්ශවය කටයුතු නොකරන නිසාවෙන් විරුද්ධපාර්ශවයට නොකරනදේ පිළිබඳ කථාකිරීමට ඉඩසෑදී ඇතිබව ජනාධිපතිවරයා පවසා සිටියේය.
ප්‍රේමදාස ජනාධිපතිතුමා පිළිබඳ සිහිපත් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ප්‍රේමදාස ජනාධිපතිවරයාට විරුද්ධ පාර්ශවය සමග හොද සම්බන්ධතාවයක් තිබුණ බවයි.
තමාගේ පාර්ශවයට ගෞරවය දුන්නා සේම විරුද්ධ මත දැරුවන්ද ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇසුරුකළ බවත්
.
අපි විරුධවාදීන්ට සාකච්ඡා දුන්නාම සමහර අය අපිට දොස් නඟන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.