Colombo Today Local News

උ/නැගෙනහිර එක්කර ෆෙඩරල් නොදුන්නොත් ලොකු ප්‍රශ්න ඇති වෙයි.. TNA තර්ජණය කරයි

විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ගේ සහ උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන්ගේ ප්‍රධානත්වයෙන් මෙරට දෙමළ ජනතාවගේ ජාතික ගැටලුව විසඳාගත නොහැකි වුවහොත් තවත් වසර ගණනාවක දී රටේ බරපතල අර්බුදයක් ඇති වන බව උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් කියාසිටී.

ඒ මහතා මේ බව කියාසිටියේ (24) යාපනය පලාත් සභා ගොඩනැගිල්ලේ දී පලාත් සභා සභාපති සී.වී.කේ ශිවඥානම් සමග පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමිනි.

මෙම මාධ්‍ය සාකච්ඡාවට ප්‍රථමයෙන් උතුරු පලාත් සභාවේ අනුමත කරගත් ෆෙඩරල් යෝජනාව සභාපති සී.වී.කේ ශිවඥානම්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍යට නිකුත් කරමින් එම යෝජනාව අැතුළත් පොත් කිහිපයක් මාධ්‍යවේදීන් අතට ලබා දීම ද සිදුවිය.

මෙහිදී අදහස් දැක්වූ සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ප්‍රකාශකළේ, ‘‘ ඒකීය රාජ්‍යක් තුල බලය එක තැනක තියාගෙන ඉන්න එක අපි පිළිගන්නෙ නැහැ. එක්සත් ශ්‍රී ලංකාවක් තුල අපේ මේ බලය පුලුවන් තරම් බෙදිය යුතුයි. එහිදී ආරක්ෂක, වරාය, ආගමන විගමන වගේ ප්‍රධාන බලයන් තියාගත්තට කමක් නැහැ. ඒ නිසා අපි සිංහල ජනතාවගෙනුත් ඉල්ලීමක් කරන්නෙ අපේ යෝජනාව අපි ඉදිරිපත් කරල තියනවා. ඒක පිළිගත්තොත් අපිට සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්න පුලුවන්.” ලෙසය.

සම්බන්ධන් මහතාගේ සහ විග්නේස්වරන් මහතාගේ නායකත්වය යටතේ මෙම ගැටලුවට තීන්දුවක් ගැනීමට නොහැකි වුවහොත් තවත් වසර10කට 15 කට පසු මෙරටේ විශාල ප්‍රශ්නයක් ඇති වීමට ඉඩ ඇති බවත් ඔහු වැඩිදුරටත් කියාසිටියේ ය.

Related posts

කොරෝනා ආසාදිතයින් 151 දක්වා ඉහළට

colombotoday

මංගල ලැයිස්තුවෙන් ඉවත් වීම රනිල්ගේ උපායක් ඉදිරියේ දී තවත් මෙහෙයුම්

colombotoday

අනුන්ගේ පොත් හොරට මුද්‍රණය කර විකුණා මාට්ටු.. සන්නස්ගලට සිතාසි

colombotoday

සිංහල අයගේ මතය අනික් අය බලහත්කාරයෙන් ඔබ්බගන්න ඕනි නෑ. ආදාහනය ගැන අලි සබ්රි කියයි

colombotoday

දිස්ත්‍රික්ක හතරක විශේෂිත පිළිකා රෝහල් හදන්න ජනපතිගෙන් උපදෙස්

Admin

මින්පසු ත්‍රිපිටකය හිතූ හැටියට සංස්කරණ බෑ.. විද්වත් මණ්ඩල අනුමැතියෙන් පමණයි…

colombotoday