දිවයින පුරා සංචරණ සීමා පනවා තිබුණද විශාල රථවාහන සංඛ්‍යාවක් ඊයේ (31)දින කොළඹ නගරයට ඇතුළු වී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව ඊයේ (31)දින උදෑසන 6.30 සිට 10.30 දක්වා ගත වූ පැය 4 කාලය තුළ කොළඹ නගරයට වාහන 55,944ක් ඇතුළු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම වාහන අතරින් වාහන 3,528ක් කිසිදු හේතුවක් නොමැතිව කොළඹට ඇතුළුවීමට පැමිණි ඒවා බවද ඒ මහතා සඳහන් කරයි.