World

ඉන්දියාව යළි විදෙස් සංචාරකයන්ට විවෘත වෙයි

‘කොවිඩ් 19’ ආසාදිතයන් සැලකිය යුතු අන්දමින් අඩුවීමත් සමඟ ඊයේ (15)දින සිට ඉන්දියාව යළි විදෙස් සංචාරකයන්ට විවෘත කෙරුණි.

ඒ අනුව, අනුමත කළ ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ලබාගත් විදෙස් සංචාරකයන්ට සෞඛ්‍ය නීතිරීති යටතේ ඉන්දියාවට ඇතුළුවීමට අවසර හිමිවෙයි.

ඊට අමතරව, රටට ඇතුළු වීමට පැය 72 කට පෙර, ‘කොවිඩ් 19’ සඳහා පරීක්ෂණයකට යොමු වී, ‘කොවිඩ් 19’ ආසාදිතයකු නොවිය යුතු වෙයි‍.

ඉන්දීය රජය, සෞඛ්‍ය නිර්දේශ සැලකිල්ලට ගනිමින්, විදෙස් සංචාරකයන් සඳහා රට විවෘත කෙරුණේ අධියර කීපයක් යටතේය. ඊයේ (15)දින ඉන්දියාවට ඇතුළු වීමට අවසර ලැබුණේ විශේෂයෙන් ආසන වෙන් කරවා ගනිමින් ඉන්දියාවට පැමිණෙන විදෙස් සංචාරකයන්ටය.

සාමාන්‍ය ගුවන් ගමන් මගින් පැමිණෙන විදෙස් සංචාරකයන්ට ඉන්දියාවට ඇතුළු වීමට ඉඩ ලැබෙන්නේ ලබන නොවැම්බර් 15 වැනිදා සිට යැයි ඉන්දීය සංචාරක කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ඉන්දියාව විදෙස් සංචාරකයන් සඳහා වසා දැමීම සිදුවූයේ 2020 මාර්තු මාසයේ සිටය. ඉන්දියාව පළමු වරට මුළුමනින්ම ලොක්ඩවුන් කෙරුණේ ද 2020 මාර්තු මාසයේය.

Related posts

“ඉවසුවා ඇති.. මානවහිමිකම් නීති පැත්තක දමා ත්‍රස්තවාදයෙන් රට බේරාගන්නවා“ – බ්‍රිතාන්‍ය අගමැතිණිය

colombotoday

යුක්රේන හෙලිකොප්ටර් රුසියාවේ තෙල් ගබඩාවකට පහර දෙයි

colombotoday

සටන් විරාමයට දෙවියන්ට ස්තූති කරමින් සතුට සැමරු ගාසා වැසියෝ

colombotoday

පකිස්ථානයේ කථානායකවරයාටත් කොරෝනා

colombotoday

රහස් ලියවිලි සම්බන්ධයෙන් ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක්

Admin

සෞඛ්‍ය සේවා අඩපණ වීමෙන් හා ආහාර හිඟයෙන් සුඩාන වැසියන් අසල්වැසි රාජ්‍යයවලට පළා යයි

Admin