Colombo Today Local News

චාචාකච්චේරි බෝම්බ පරීක්ෂණවලට මානව හිමිකම්, රතුකුරුසෙන් දැඩි බාධා !

චාවකච්ෙච්රි නිවසක මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටල ඇතුළු අවි ආයුධ තොගයක්‌ සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීකෂණ කටයුතු සඳහා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ එක්‌තරා නිලධාරීන් පිරිසක්‌ පොලිස්‌ ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය වෙත දිගින් දිගටම බලපෑම් එල්ල කිරීම නිසා එම පරීකෂණ කටයුතු කරගෙන යැමට දැඩි බලපෑමක්‌ එල්ල වී ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කොටි සාමාජිකයන් අටදෙනකු අත්අඩංගුවට ගෙන සිටින අතර මානව හිමිකම් කොමිසමේ සහ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සාමාජිකයන් පිරිසක්‌ නිතර නිතර ඔවුන් බැලීමට ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය වෙත පැමිණෙන බවද එම ආරංචි මාර්ග කියයි.

එසේ පැමිණෙන නිලධාරීන් එම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ කටයුතු පිළිබඳව අනවශ්‍ය ලෙස සොයා බැලීම් සහ ඇඟිලි ගැසීම් සිදුකරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

ජාතික ආරක්‌ෂාවට විශාල තර්ජනයක්‌ වී තිබෙන මෙම ආයුධ සොයා ගැනීම සම්බන්ධයෙන් ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය ඉතා ක්‍රමවත් පරීකෂණයක්‌ ක්‍රියාත්මක කරගෙන යන අතර ඊට අනවශ්‍ය බලපෑම් එල්ලවීම නිසා එම පරීක්ෂණ කරගෙන යැමට දැඩි බලපෑමක්‌ එල්ල වී ඇතැයිද වාර්තා වේ.

ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයට පැමිණෙන මානව හිමිකම් කොමිසමේ සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නිලධාරීන් එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කොටි ත්‍රස්‌තවාදීන් අධිකරණය වෙත ඉදිරිපත් කරන්නේ කවදාද? ඔවුන්ට එරෙහිව ඇති චෝදනා මොනවාද? අත්අඩංගුවට ගනු ලැබුවේ මොන පදනමක්‌ මතද යන්න විමසමින් පරීකෂණ පවත්වන නිලධාරීන් අපහසුතාවට පත් කරන බවද වාර්තා වේ.

පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසන්නේ වෙනත් සිද්ධීන් සම්බන්ධයෙන් කොටි ත්‍රස්‌තවාදී සැකකරුවන් විශාල පිරිසක්‌ ත්‍රස්‌තවාදී ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසයේ රඳවාගෙන සිටියදී ඔවුන් පිළිබඳ කිසිදු සොයා බැලීමක්‌ නොකර මෙම නිලධාරීන් චාවකච්ෙච්රිය බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කොටි සැකකරුවන් පිළිබඳ මෙලෙස සොයා බැලීමට පටන්ගෙන තිබීමට විමතියට කරුණක්‌ බවයි.

චාවකච්ෙච්රිය නිවසක තිබී ආරක්‌ෂක අංශ විසින් මරාගෙන මැරෙන ඇඳුම් කට්‌ටලයක්‌, ක්‌ලේමෝ බෝම්බ හතරක්‌, පිස්‌තෝල උණ්‌ඩ තොගයක්‌, මැග්නට්‌ බෝම්බ දෙකක්‌ ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක්‌ අත්අඩංගුවට ගැනුණ අතර ඒවා ළඟ තබාගත් පුද්ගලයකු ඇතුළු කොටි සැකකරුවන් අටදෙනකු මේ වන විට මෙලෙස අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කර තිබේ.

හේමන්ත රන්දුණු

Related posts

මාණික්කමඩු අදත් උණුසුම්.. කැරළි මර්ධනයත් කැදවයි.. විහාරයට දිවාරාත්‍රී පොලිස් ආරක්ෂාව

colombotoday

රගරා සමග හෙරොයින් ජාවාරම් කළ බන්ධනාගාර නියාමකයෙක් කොටු

colombotoday

දෑත් බැද මොට ආයුධයකින් පහරදී කුවේට්හිදී ලාංකික මවක් ඝාතනයට ලක්වේ

colombotoday

කුඩු සලිඳුගෙන් පෙත්සමක්

Admin

රනිල් අගමැතිකමෙන් ඉවත් නොකිරීම නිසා රටට වෙන දේට ජනපති වගකිව යුතුයි

colombotoday

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහටත් කොවිඩ්

colombotoday