Colombo Today Local News

ලෝක සෞඛ්‍ය සංවිධානය දීලා තියෙන ප්‍රමුඛතා අනුපිළිවෙලේ දේශපාලකයන්ගේ එකක් නෑ. – රවී කුමුදේශ්

කොවිඩ් එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති ප්‍රමුඛතා ලැයිස්තුවේ දේශපාලනඥයින් නොමැති බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතියක් පවසයි.

වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ දැනට ලංකාවට ලැබී ඇති එන්නතේ දෙවන මාත්‍රාව වෙනත් කණ්ඩායම්වලට දීම තුළින් පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීමට නොහැකිවන තත්ත්වයක් ද උදාවිය හැකි බවය.

දෙවෙනි මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබාදිය නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.

පසුගිය ජනවාරි 28 වනදා ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මෙරටට ගෙනඑන ලදි.

ඉන් මාත්‍රා 192,938ක් මේ වනවිට විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින්ට ලබාදී තිබේ.

“ඇත්තටම ගත්තොත් තව එන්නත් 60,000යි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. මොකද 250,000ක එන්නත් ප්‍රමාණයක් දෙවන මාත්‍රාව සඳහා ඉතිරිකර ගන්නට ඕනේ. එන්නත් දෙක අතර පරතරය වැඩි කිරීම හොඳ දෙයක් වෙන්නට පුළුවන්. නමුත් මේ එන්නත් දෙවන මාත්‍රාව වෙනත් වැඩක් සඳහා යොදා ගැනීම සඳහා ද කියලා මහජනතාවට අපැහැදිලි තත්ත්වයක් ඇති වෙනවා. කිසියම් හේතුවක් නිසා ඉන්දියාව අපිට ඊළඟ වටයේදී කොවිෂීල්ඩ් එන්නත ලබා දුන්නේ නැත්නම් පළවෙනි මාත්‍රාව දුන්නු අයට දෙවන මාත්‍රාව ලබාදීමට නොහැකි වන තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. දෙවෙනි මාත්‍රාව වෙන එන්නතක් දෙන්නත් බෑ. අපි කියන්නේ දෙවන මාත්‍රාව වෙනත් කණ්ඩායම්වලට යෙදීම කියන කාරණාව සෞඛ්‍ය අමාත්‍යාංශය අතිශය වශයෙන් තහවුරු කරගෙන කළයුතු දෙයක්. අනික ප්‍රමුඛතාවයේ අනුපිළිවෙලින් ගුරුවරු, මාධ්‍යවේදීන් ආදී විශාල පිරිසක් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය දීලා තියෙන අනුපිළිවෙලේ දේශපාලකයන්ගේ එකක් නෑ.”

Related posts

මැතිවරණය පැවැත්වෙන මීළඟ දිනය ගැන තීරණයක් ගන්න කොමිසම අද රැස්වෙයි

Admin

තඹ කම්බි ගන්න දුම්රියේ වයර් කැපූ අයෙක් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලය කැළඹෙයි… තවදුරටත් තද වැසි

Admin

උපවාසය දරුණු අතට හැරෙයි.. විමල් වතුරත් එපා කියයි !

colombotoday

ඩෑන් ප්‍රියසාද් ට ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday

අල්ලගත්ත වගේ තුන් ගුණයක් ආයුධ හිස්බුල්ලා ළඟ. අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන්න හින්දු සම්මේලනය ඉල්ලයි

colombotoday