World

ලංකාවේ සහ නේපාලයේ පාලන බලය ඇල්ලීමේ ‘ඉන්දීය අරමුණ’ දැඩි විවේචනයට

ශ්‍රී ලංකාව සහ නේපාලය තුළ භාරතීය ජනතා පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවා පාලන බලය අල්ලා ගැනීම භාරතීය ජනතා පක්ෂයේ අරමුණ වී ඇති බව හෙළිදරව් කරමින් ත්‍රිපුර ප්‍රධාන අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශය එකී ස්වාධීන රාජ්‍යයන්ට එරෙහිව කරන ලද බරපතළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් සේ සලකා කඩිනම් පියවර ගැනීමට සූදානම් බව ඉන්දීය කොංග්‍රසය සහ කොමියුනිස්ට් පක්ෂය සඳහන් කරයි.

ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රාන්ත මහ ඇමති බිප්ලාබ් කුමාර් ඩෙබ් විසින් කරන ලද මෙම හෙළිදරව්ව ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ද එම පක්ෂ අවධාරණය කොට තිබේ.

භාරතීය ජනතා පක්ෂයේ ජාතික සභාපතිවරයා වන අමිත් ෂා විසින් ත්‍රිපුර ප්‍රාන්තයේ අගනුවරදී සාමාජිකයන් කිහිප දෙනෙකු හමුවේ මෙලෙස ශ්‍රී ලංකාව හා නේපාලයේ ආණ්ඩු පිහිටුවමින් බලය ව්‍යාප්ත කිරීමේ තම පක්ෂ සැලසුම හෙළිදරව් කරනු ලැබ තිබුණා.

අමිත් ෂා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයෙකු ලෙස සැලකෙනවා.

ඉන්දියාව සහ නේපාලය යන රටවල් කරා ද තම බලය ව්‍යාප්ත කරමින් එම රටවල තම පාලන බලය ගොඩනැගීමට භාරතීය ජනතා පක්ෂය සැලසුම් කළ බව අමිත් ෂා පැවසූ බව ත්‍රිපුර මහා ඇමතිවරයා ප්‍රකාශ කරන ලද්දේ ඉදිරි වසරේ අයවැය පැසසුමට ලක් කරමිනුයි.

Related posts

ශ්‍රී ලංකාව වගේ චීනයේ ‘ණය උගුලට’ අහුවෙන්නේ නෑ

colombotoday

නවසීලන්තයෙන් ඩොලර් 500,000ක ප්‍රදානයක්

colombotoday

ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල යළි ඉහළට

colombotoday

ඇමරිකාවේ ටෙක්සාස් හී කිතුණු පල්ලියක වෙඩි තැබීමක්.. 26ක් මිය යයි !

colombotoday

සෞදියට ගෘහ සේවිකාවන් යැවීම උගන්ඩා රජය තහනම් කරයි. සෞදි ගිය කතුන් සියරට කැදවයි

colombotoday

ඉතාලියේ කොරෝනා මරණ 1000 ඉක්මවයි… ලොව පුරා 5000ක් මරුදකී !

colombotoday