Covid 19

මල්වර මංගල්‍යයෙන් පසු රැකියාවට ගිය පියා ඇතුළු 4 කට කොරෝනා

හාලිඇල – මුදුන්පිට , ප්‍රදේශයේ සිය දියණිය⁣ගෙ මල්වරවීමේ උත්සවයට ගොස් යළි රැකියාවට ගිය දැරියගෙ පියා ඇතුලු වරාය සේවකයන් සිව්දෙනෙක් කොවිඩ් 19 ආසාධිතයන් බවට තහවුරු ඇතැයි හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

අනෙක් ආසාධිතයන් තිදෙනා බදුල්ල (හිඳගොඩ) හාලිඇල (කන්දේගෙදර සහ කැටවල) පදිංචි කරුවන් බවද අනාවරණය වී තිබේ.

මුදුන්පිට ආසා‍දිතයාගේ බිරිඳ බදුල්ල මහ රෝහලේ හෙද නිලධාරියෙක් වන අතර ඇයගේ ආරාධනයෙන් ඇය සේවය කරන වාට්ටුවේ කාර්යමණ්ඩලයේ 15 දෙනෙක්ද මලවර උත්සවට සහබාගිවි ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

ආරක්ෂිත පියවරක් ලෙස ඔවුන් සියළු දෙනා ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

අප කළ විමසුමකදී බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ රොහාන් සී. මාපා මහතාද එය තහවුරු කළ අතර මෙය රෝහල් කටයුතු වලට බාධාවක් නොවන බවත් එම කටයුතු සාමාන්‍ය අයුරින් පැවැත්වෙන බවත් අවධාරණය කළේය.

මල්වර උත්සවයට සහභාගිවූව සෙසු පිරිස සොයා බදුල්ල සහ හාලිඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු පොලිසිය සමග එක්ව අද(16)දින මෙහෙයුමක් අරඹා තිබේ.

Related posts

අහඹු පරීක්ෂාවකින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හදුනා ගනී

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 782ක්

colombotoday

මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවිකාවන් 69කට කොරෝනා

colombotoday

කොවිඩ් ආසාදිතයින් 1,150ක්

colombotoday

තවත් ආසාදිතයින් 406ක් – දෙවෙනි රැල්ලේ කොවිඩ් ආසාදිතයින් 39000 ඉක්මවයි

colombotoday

සනී ඩියෝල්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වෙයි.

colombotoday