Colombo Today Local News

වැඩි පිරිසකට ප්‍රතිකාර කළ හැකි රෝහල් කඩිනමින් කොවිඩ් ප්‍රතිකාර සඳහා පවරා ගැනීමට තීරණයක්

දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය අනුව දිවයින පුරා සෑම දිනක් තුළම නව ආසාදියින් 500 – 600 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවත්, සුව වන ප්‍රමාණය 500 ක් පමණ වන බවත්, කොවිඩ් මර්දන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේදී හෙළිවිය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (16 )දින පෙරවරුවේදී මෙම ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස් විය.

දිනකට ආසාදිතයින් 500 -600 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බැවින් මෙම ආසාදිතයින් සදහා ප්‍රතිකාර මධ්‍යස්ථාන කඩිනමින් සැකසීම පිළිබදව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරියගේ අවධානයට යොමු විය. ඒ අනුව වැඩි පිරිසකට ප්‍රතිකාර සහ පහසුකම් ලබාදිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගෙන එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට කඩිනමින් පරිවර්තනය කිරීමට තීරණය කරන ලදී. ඒ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන කරන ලෙසත්, අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන අරමුදල් වලින් ලබාගැනීම පිළිබදවත් මෙම කමිටුවේ දී සාකච්ඡා විය.

පරීක්ෂණ වාර්තා පිළබඳව හෙළි වූ කරුණු අනුව මේ වන විට කොළඹ,ගම්පහ,කළුතර ඇතුළු සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි දළ වශයෙන් දෛනිකව PCR පරීක්ෂණ 14000 ක ප්‍රමාණයක් සහ ඇන්ටිජන් පරීක්ෂණ 3000 ක් පමණ සිදු කරන බවද මෙහිදී හෙළි විය.

රෝහල්වල සේවයේ නියුතු වෛද්‍ය,හෙද,පර්යේෂණාගාර ඇතුළු කාර්ය මණ්ඩල සහ ක්ෂේත්‍රයේ සේවයේ නියුතු ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ දැඩි අවධානයට ලක් වූ අතර ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ කට්ටල, ප්‍රවාහ පහසුකම් ඇතුළු සියලු යටිතල පහසුකම් ලබාදෙන ලෙස අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත උපදෙස් දෙන ලදී.

මෙම අවස්ථාවට රාජ්‍ය ලේකම්වරුන් වන වෛද්‍ය අමල් හර්ෂ සහ කේ.ආර්.උඩුවාවල, අතිරේක ලේකම්වරුන්වන වෛද්‍ය සුනිල් අල්විස්,‍ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග යන මහත්ම මහත්මීන් සහභාගි විය.

Related posts

කෝප් කමිටුවේ සභාපතිකම ඇමතිවරුන්ට නෑ. මන්ත්‍රීවරුන්ට පමණයි. – ආණ්ඩුවෙන් දැඩි තීරණයක්

colombotoday

මුලතිව් කෝවිලක් ආසන්නයේ කොටි ආයුධ සොයා කැනිමක්

colombotoday

මම එංගලන්තේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් – දේශපාලනේ නිසා අතෑරියා – චතුරගේ අලුත් කතාව

colombotoday

සාලි, රෝසි සමග සටනට, පොහොට්ටුවෙන් කොළඹට ඕමාර් කාමිල් !

colombotoday

ඉන්දියාවේ සහයෙන් පළාත් සභා අහෝසි කරන්න දෙන්නේ නැ. උතුරු නැගෙනහිරට තනි පාලන බලයක් ඕනි. | සුමන්තිරන් කියයි.

colombotoday

ඉන්ධන අවසන් කියූ පසු හමුදා සෙබළාගේ අත කපලා

colombotoday