Colombo Today Local News

දකුණ හෙල්ලූ අභිරහස් පාතාල වෙඩික්කරු කොටුවෙයි.. එල්ටීටීඊ සන්නද්ධ අංශයේ හිටපු ප්‍රබලයෙක් !

බලපිටිය උසාවිය අසලදී ද්විත්ව ඝාතනයක් සිදු කිරීම ඇතුළු මිනිස් ඝාතන රැසකට අවශ්‍යව සිටි දකුණේ පාතාලයේ අබිරහස් වෙඩික්කරු ලෙස හඳුනාගත් එල්ටීටීඊ සන්නද්ධ අංශයේ ප්‍රබලයකු පිස්තෝලයක්ද සමග ‍පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය විසින් පෙරේදා (17) ගාල්ලේ දී අත්අඩංගුවට ගෙන ඇත.

එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ ආරක්ෂාවට යොදාගත් ප්‍රධානම සන්නද්ධ ඒකකයක් වන චාල්ස් ඇන්තනී බළකායේ ප්‍රබල සාමාජිකයකු වශයෙන් සිටි එලිලෝන් නමැත්තා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ස්ටැන්ලි කෙනඩි ෆර්නෑන්ඩු නමැති මෙම කොටි සාමාජිකයා “ක්‍රිශාන්” යන නමින් පෙනී සිට ඇත.

කොළඹ 13 ජම්පටා වීදියේ පදිංචිව සිට ඇති මොහු කොළඹ මාළු වෙළෙඳ‍පො‍ලේ සේවය කළ කිලිනොච්චියේ පදිංචි මිතුරකු මගින් කොටි සංවිධානයට එක් වී තිබේ. ඉන්පසු වසර පහක කාලයක් චාල්ස් ඇන්තනී බළකාය යටතේ ප්‍රධාන පෙළේ සටන් ගණනාවකට සහභාගි වී ඇති මොහු හමුදා ප්‍රහාරවලින් තුන් වතාවක් තුවාල ලැබූවෙකි.

 

Related posts

ජාතික ඖෂධ අධිකාරියේ පරිගණක දත්ත පද්ධතිය බිඳ වැටීම ගැන පරීක්ෂණ

colombotoday

පළාත් සභා ඡන්දෙත් දිනන්න ඕනෑ

Admin

මිනුවන්ගොඩ රෝහලේ කාර්ය මණ්ඩලය අවධානමේ PCR පරීක්ෂණ කරන්න – රෝහල් කාර්ය මණ්ඩලය කියයි

colombotoday

බොරැල්ල කිතුල්වත්ත මාර්ගයේ නිවාස කිහිපයක ගින්නක්

colombotoday

SI කුරුවිට කාන්තාවගේ ගෙළ කැපා මරා දැමු හේතුව හෙළිවෙයි

colombotoday

වැඩබලන පොලිස්පති දේශබන්දු

Admin