Colombo Today Local News

FCID නීති විරෝදීයි රජය පිළිගනියි – අහෝසිකිරිම එන සතියේ

පසුගිය මැතිවරණ සමයේදී වර්තමාන ආණ්ඩුව විසින් එවකට තිබු රාජපක්‍ෂ ආණ්ඩුවට විරුද්ධව එල්ල කෙරුණු චෝදනා විභාග කිරීම සදහා පිහිටුවන ලද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හෙවත් FCID ලඟදීම අහෝසිකිරීමට යන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

මහින්ද රාජපක්‍ෂ පවුල විසින් පෞද්ගලික බාවිතය සදහා යොදාගනුනු ගුවන් යානා, රත්තරන් අශ්වයෝ ඇතුළු බොහෝ දේ පිලිබදව වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් ඇතුළුව එජාප, ජාතික හෙළ උරුම, ජවිපෙ ඇතුළු පක්‍ෂ චෝදනා කලත් එවැනි කිසිවක් සොයාගැනීමට මේ වනතුරුත් වර්තමාන රජය සමත්වී නැත. FCID විසින් සිදුකරන ලද පරීක්ෂණ බොහොමයක් අතර මග නවතා දමා ඇති අතර මේ සදහා බලපෑ ප්‍රධානතම හේතුව වී ඇත්තේ වගකිවයුතු බොහෝ පුද්ගලයන් වර්තමාන රජයේ ප්‍රධනතම තනතුරු දැරීම බවයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශ ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ.

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) පිහිටුවීමේදී එය හුදෙක් දේශපාලන පලිගැනීම් සදහා නිර්මාණය වූ නීතිවිරෝදී ආයතනයක් බවට නැගුනු චෝදනාවලට අනුව අධිකරණයේ නඩු පවා විභාග වෙමින් පවතී. ඒ අනුව අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා ඇතුළු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් විසින් ජනාධිපතිවරයාට දැක්වූ කරුණු මුලික කරගන මෙම ආයතනය අහෝසි කිරීමට ජනාධිපතිවරයා අනුමැතිය දී ඇත. ඒ බව අගමැතිවරයාටද මේ වනවිට දන්වා ඇතිබවයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සදහන් කර සිටින්නේ.

මෙසේ FCID ය අහෝසි කිරීමෙන් අනතුරුව එය වෙනත් නමකින් පාර්ලිමේන්තු පණතක් ඔස්සේ නීත්‍යනුකුල කිරීමට රජයයේ අවධානය යොමුවී ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටින්නේ. මෙලෙස පිහිටුවන නව ඒකකය මුල්‍ය හා අර්ථික, අපරාධ විමර්ශන කාර්යංශය (Financial & Economic Investigation Agency) නමින් හැඳින්වීමට නියමිත අතර FCID ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවීන්ද්‍ර විද්‍යලංකාර මහතා මෙම නව ඒකකයේද ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීමට නියමිතව ඇත.

Related posts

ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ වාතයේ සහ ජලයේ ගුණාත්මක අගයන් ඉහළට

colombotoday

ගෝඨාට එරෙහි මැදමුලන නඩුවට අතුරු නියෝගයක්

colombotoday

ඩෙංගු මරණ ගණන 150 පනී.. රටක් දියුණු වෙනකොට එහෙම වෙනවා – සෞඛ්‍ය ඇමති කියයි

colombotoday

රත්නපුර බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් දරුණු අනතුරක්

Admin

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සභාපතීත්වයෙන් ‘එක් රටක් එක් නීතියක්’ සදහා ජනාධිපති කාර්ය සාධක බලකායක්.

colombotoday

‘එන පළාත් සභා ජන්දෙදි රාජපක්ශ රේජිමය වළලලා දානවා.’- විශ්වාසභංග ජයෙන් උදම් වූ අගමැති කියයි

colombotoday