Colombo Today Local News

දිලීර වසංගත වලට විෂ පළිබෝධනාශක ගෙන්නලා | නුවරඑළිය කාබනික රහිත කලාපයක් කරයි ?

අර්තාපල් ආදී බෝගවලට වැලඳෙන දිලීර වසංගත සඳහා කාබනික විසඳුමක් නොමැති බැවින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර පළිබෝධ නාශක යම් ප්‍රමාණයක් ගෙන්වා වරායේ ගුදම්ලා ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

කාබනික ආහාර හා කෘෂිකර්ම වාර්තාකරණය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ ආයතනයේදී ඊයේ (14)දින පැවැති වැඩමුළුවකදී ඇමැතිවරයා මේ බව කීවේය. මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ ද සහභාගි විය.

නුවරඑළිය වැනි ප්‍රදේශයක අර්තාපල් වගාවට යම් ගැටලු තත්ත්වයක් ඇතිවුවහොත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත එම පළිබෝධ නාශක වගාවට යොදා එම කලාපය කාබනික රහිත කලාපයක් ලෙස නම් කරන බවද ඇමැතිවරයා පැවසුවේය.
කාබනික දිලීර නාශක, වල් නාශක, කෘමිනාශක විශාල ප්‍රමාණයක් රටේ තිබෙන බවත්, ඒ සියල්ල එළියට ගෙන ලියාපදිංචි කිරීමට කටයුතු යොදා ඇති බවත් ඇමැතිවරයා කියයි.

මෙම පළිබෝධ නාශක අධික භාවිතය නිසා වකුගඩු රෝගීන් සංඛ්‍යාව එක්ලක්ෂ පනස්දහසක් දක්වා වැඩිවී ඇතැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Related posts

ඉන්දියාවෙන් සතියකට ටොන් 100 බැගින් ඔක්සිජන් මිලදී ගැනීමට රජය තීරණය කරයි

colombotoday

“නීති ක්ෂේත්‍රය තවමත් දූෂිතයි” – ෆොන්සේකා

colombotoday

විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය බිංදුවට වැටේ.. ශ්‍රී ලංකා ආර්ථිකය අවසන් ගමනේ !

colombotoday

කුල දරුවන් සසුන් ගත කරවීමට ඇමති විදුර වයස් සීමාවක් පනවන්න යයි

Admin

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු අත්අඩංගුවට ගත් සිව්දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

colombotoday

ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගනී

colombotoday