Colombo Today Local News

තමිල්නාඩු මැතිවරණය අත ළගයි.. ඊළම නැවතත් කරළියේ.. ඡන්ද ගරන්න ඊළම ඇමට ගනී !

tamilnadu election 26

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ලබන මැයි මාසයේ පැවැත්වීමට නියමිත අතර තමිල්නාඩුවේ නූගත් ඡන්ද දායකයන් බිළිබා ගැනීම සදහා ශ්‍රී ලංකාවේ උතුරේ දෙමළ ඊළම නැවත වරක් තමිල්නාඩු දේශපාලන කරළියට ගෙන ඒමට සැරසෙතැයි දේශපාලන ආරංචිමාර්ග කියයි.

හිටපු කොටි නායකයකු වන රුද්‍ර කුමාරන් මේ බව ඉන්දියාවේ පී.ටී.අයි පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

සිය අයිතීන් වෙනුවෙන් සටන් වැදී සිටින දෙමළ ඊළාම් ජනතාව වෙනුවෙන් දරණ මතය පිළිබඳව එම මැතිවරණයට තරග වදින තමිල්නාඩු දේශපාලන පක්ෂ අපේක්ෂකයින් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් ඉදිරිපත් කළ යුතුව ඇතැයි හිටපු කොටි නායකයා පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ උතුරේ දෙමළ ජනතාව සහ ඊළාම් බෙදුම්වාදය තමිල්නාඩු දේශපාලනය කෙරේ තීරණාත්මකව බලපාන සාධකයක් වන අතර දෙමළ ජාතිකත්වය පදනම් කරගෙන තම දේශපාලන බලය තහවුරු කරගැනීම සදහා තමිල්නාඩු අවස්ථාවාදී දේශාපලකයන් එය තුරුම්පුවක් කරගෙන සිටිති. ‍මේ තත්වයත් සමග ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත යුද අපාරාධ නීරීක්ෂණ ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමිල්නාඩු බලපෑම් උත්සන්න වනු ඇතැයි දේශපාලන විචාරකයන් පවසයි.

Related posts

පාරිභෝගික අධිකාරියත් දැන් නීති විරෝධී ආයතනයක්?

colombotoday

තිළිණි ප්‍රියමාලි කුලී නිවසේ ලයිට් බිලටත් පොලු තියලා

Admin

අගමැති හදිසියේ රටින් පිටවෙයි

colombotoday

කරුවලගස්වැව වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මරුට

Admin

නිදහස් දිනයට සමගාමීව යුද හමුදා සාමාජිකයින්ගේ මෙහෙවර අගයමින් උසස්වීම් රැසක්

colombotoday

ගුරු-විදුහල්පති සේවා සංවෘත සේවා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday