Colombo Today Local News

“චීනයට තව අක්කර 1000ක් දෙනවා.. රට දියුණු කරන්න පෝට් සිටිය නැතිවම බෑ” – අගමැති

ranil w port

හම්බන්තොට වරාය ආශ්‍රිතව කර්මාන්ත කලාපයක් සදහා අක්කර දහසක භූමි ප්‍රමාණයක් චීනයට ලබාදෙන බව, ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය වීමට නම් බස්නාහිර මහා නගරය කඩිනමින් ඉදිකිරීම අත්‍යාවශ්‍ය බවත්, ඊට පෝර්ට් සිටි ව්‍යාපෘතියත් අයත් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.

අගමැතිවරයා මේ බව සදහන් කළේ චීන සංචාරය නිමා කර දිවයිනට පැමිණීමෙන් පසු ඊයේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉන්දියාව සමග මේ වසර අවසන් වීමට පෙර ආර්ථික ගිවිසුමකට අත්සන් තබන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. මීට අමතරව චීනය සහ සිංගප්පූරුව සමගද තවත් ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ. මේ තුළින් රටේ ආර්ථිකය දියුණු කිරීම අපේක්ෂාව බව අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතිය පිළිබඳවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා. රනිල් වික‍්‍රමසිිංහ මහතා පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතිය තුළින් චීනයට පමණක් නොව සෙසු රටවලටද ඊට සම්බන්ධ වීමට ඉඩසලසා ඇති බවයි.

Related posts

ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම ගැන කරුණු විමසයි

colombotoday

කැබ් රථයක් ප්‍රපාතයකට කරනම් ගහයි

colombotoday

ජාවාරම්කරුවන් දමා ගිය ඖෂධ තොගයක් නාවික හමුදා බාරයට

colombotoday

ඉදිරි මැතිවරණයට ශ්‍රීලනිප – TNA ඒකාබද්ධ සන්ධානයක් ?

colombotoday

ජනපතිගේ තවත් නියෝගයක් විසිවේ.. ඇමතිලාට ගෙවල්, වාහන ගන්න තවත් පරිපූරක ඇස්තමේන්තුවක් !

colombotoday

සතොස ඕගනික් සුපර් මාකට් සෑම නගරයකටම

colombotoday