හුදකලා කර තිබූ වටවල වැලිඔය වතුයායේ වතු කම්කරුවන් පිරිසක් නිරෝධායන රීතීන් උල්ලංඝනය කරමින් අද උද්ඝෝෂනයක නිරත වී තිබේ.
ඒ, රජය මගින් අඩු ආදායම්ලාභීන්ට ලබා දෙන රුපියල් පන්දහසේ දීමනාව ලබා නොදුන් බව පවසමිනුයි.
හුදකලා කර තිබූ සෙසු ප්රදේශවලට මෙන් රජය මගින් ලබා දුන් සහන බඩු මල්ල තමන්ටද ලබා දෙන ලෙසයි උද්ඝෝශනයේ නිරත පිරිස ඉල්ලා ඇත්තේ.