Colombo Today Local News

අනුරාධපුරයේ වී ගබඩා 60කට සීල් – කිලෝ ලක්ෂ හයක් වී අලෙවි මණ්ඩලයට

අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් සගවා ගෙන තිබෙන වී ගබඩා දිගින් දිගටම වැටලීමත් සමග ඇතැම් වී ගබඩාකරුවන් එම වී ස්වකැමැත්තෙන් වී අලෙවි මණ්ඩලයට ලබාදීමට පියවර ගනිමින් සිටිති.

මේ දක්වා අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරිය විසින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වී ගබඩා හැටක් සිය භාරයට ගෙන මුද්‍රා තබා ඇත. එම ගබඩාවල ඇති වී කිලෝ ලක්ෂ විස්සක් අතුරින් මේ වන විට වී කිලෝ ලක්ෂ හයක් වී අලෙවි මණ්ඩලයට ලබා දීමටද පියවර ගෙන තිබේ.

අනුරාධපුර දිස්ත‍්‍රික්කය තුළ මෙම වැටලීම් අනුරාධපුර දිස්ත‍්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ජේ්‍යෂ්ඨ විමර්ශන නිලධාරි බී.ඒ.සී. පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අඛණ්ඩව සිදු කරමින් පවති.

Related posts

සතොස මගින් සහන මල්ලක් දීමට පියවර

Admin

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක්

colombotoday

මැතිවරණ නිරීක්ෂකයෝ, පක්ෂ ලේකම්වරු කොමිසමට කැදවයි

Admin

කොරෝනා මර්දනයට චීනයෙන් දුන් මුදල්වලට වුණ දේ ආණ්ඩුව රටට කිව යුතුයි

colombotoday

කටුනායක ගුවන්තොට මාස 3ක් දවාලට වසයි.. ගුවන්යානා මත්තලට හරවයි

colombotoday

විමල් වරදකරුවෙයි… ටිල්වින්ට කෝටියක් ගෙවන්න අධිකරණය නියෝග කරයි…

colombotoday