Colombo Today Local News

ෆොන්සේකා – විජේදාස ගැටුම කැබිනට්ටුවටම යයි.. ජනපති ඉදිරියේත් ඇරගනියි !

fonseka - vijedasa

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 06 පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී විජේදාස රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා අමාත්‍යවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබෙනවා.

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ කතාවක් ප්‍රතික්ෂේප කරමින් විජේදා රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ සමාව ගෙන ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් මෙම උණුසුම් වචන හුවමාරුව ඇතිවී ඇත.

මෙහිදී පළමුව අදහස් දක්වමින් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා, තමන් පාර්ලිමේන්තුවේදී කල මංගල කතාවේදී භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදු කළ බවත් ඒ සම්බන්ධයෙන් වෙනත් අමාත්‍යවරු සමාව නොගත යුතු බවත්, ඒ තුළින් එම ඇමතිවරයා කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම් උල්ලංගණය කර ඇති බවත් පවසා ඇත.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ විජේදාස රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර ඇත්තේ තමන් එලෙස සමාව ගත් බවයි. ආණ්ඩුවක් පවත්වා ගෙන යාමට මහාසංඝරත්නයේ ආශිර්වාදය අවශ්‍යවනවා. එම නිසා තමන් එලෙස සමාව ගත් බවයි විජේදාස රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ.

එම අවස්ථාවේදී සරත් ෆොන්සේකා මහතා සහ විජේදාස රාජපක්ෂ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වුණා. කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් එය සමථයකට පත්කර තිබෙනවා.

Related posts

රජයට තවදුරටත් සහය දක්වනවාද නැද්ද පිලිබදව දැඩි තිරණයක් ගන්නවා – රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන්

colombotoday

ඉන්ධන අවසන් කියූ පසු හමුදා සෙබළාගේ අත කපලා

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවා අද සිට ඩිජිටල් ක්‍රමවේදයට

Admin

නීතිවිරෝධීව සෞදියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට සහනයක්

colombotoday

වව්නියාව රණවිරු ගමට පැන්න කොටි පිස්තෝල කල්ලියේ සින්නවන් අත්අඩංගුවට !

colombotoday

ඉඩම් ආරවුලකට මිනී මැරූ වෙඩික්කරු ගිනි අවියත් සමග බාරවෙයි

Admin