රටේ රාජ්ය නායකයාට මේ තරම් දොස් කියන්න විවේචනය කරන්න නිදහස් ඇති රටක් ලෝකයේ කොහේවත් නැති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වැළිමඩදී පැවති උත්සවයක් අමතමිනි.
විවෙචන පිටුපස හඹා යනවාට වඩා රටේ ජනතාව තමන්ට දුන් භාරදූර වගකීම ඉටු කරන්නට උත්සහා දරන බව පැවසූ ජනපතිවරයා කීර්තිමත් මානවවාදියකු වූ ඒබ්රහම් ලින්කන් වෙඩි උණ්ඩයෙන් මරා දැම්මා, සමාජ පරිවර්තනයක් කළ බණ්ඩාරනායක මැතිතුමා වෙඩි උණ්ඩයෙන් නිහඬ කළා. මේ නාකි මහල්ලා මොනවාද ඉන්දියාවට කරන විනාශය කියා මහත්මා ගාන්ධිතුමාට වෙඩි තිබ්බා. මේ සෑම දෙයකින්ම පාඩම් ඉගෙන රට ගොඩනැඟීමට කැප වෙන්න ඕනෑ යැයිද පැවැසීය.