රගර් ක්රීඩක වසීම් තජුඩීන් ඝාතන සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත නාරාහෙන්පිට පොලීසියේ එවකට හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද සවස අත්අඩංගුවට ගෙන තිබේ.
අද (20) සුමිත් පෙරේරා මහතාට කටඋත්තරයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබූ අතර ඔහුගෙන් දීර්ඝ ලෙස ප්රශ්න කිරීමෙන් පසුවයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
තජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි සති දෙකක කාලය තුළදී ඝාතනයට සම්බන්ධ යැයි සැකකෙරෙන ප්රධාන පෙළේ පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.