Colombo Today Local News

තරුණයන් පිරිවරා අගමැති යොවුන් පුරයේ.. අවසන් දිනය අද

“අනාගතය ඇරඹුණා” තේමාව යටතේ සීගිරිය ගුවන් හමුදා කදවුරේ පැවැත්වෙන “යොවුන් පුරය” තරුණ කදවුර නිරීක්ෂණයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පැමිණියේය.

මීට වසර විසි හතකට පෙර අගමැතිවරයා යෞවන කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කරන අවධියේ ඇරඹි යොවුන් පුරයේදී, අධ්‍යාපන ප්‍රදර්ශන, දේශන, පුහුණු වැඩසටහන්, තරුණ ක්‍රියාකාරකම් සහ නැටුම්, ගැයුම් ඇතුළු විනෝදාත්මක කටයුතු රැසක් සිදු කෙරේ. යොවුන් කුමරා සහ කුමරිය තේරීමද අද සිදුකෙරේ. තරුණ තරුණියන් සදහා නව අවස්ථා රැසක් උදාකරදීම මෙම වැඩසටහනේ අරමුණයි.

මෙවර එම වැඩ සටහන සදහා දෙස් විදෙස් තරුණ තරුණියන් පන්දහසක් පමණ සහභාගී වී සිටිති. වැඩසටහන අද නිමාවට පත්වන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමාප්ති උත්සවයට සහභාගී වීමට නියමිතය.

yowunp1toun

Related posts

මෙරට ඩෙල්ටා ආසාදිතයින් 38 දක්වා ඉහළට | සැක සහිත සම්පල් 70ක් ජපුරට

colombotoday

ලකුණු 155 කින් ලංකාවට ජය

Admin

රැකියාලාභී උපාධිධාරීන් 50,000ගේ නාම ලේඛනය අන්තර්ජාලයට

colombotoday

සිවිල් ගුවන් සේවා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

මට වහ බොන්න හිතෙනවා – චන්ද්‍රිකා

colombotoday

කොස්තාපල්වරයකුගේ ගිනි අවිය පත්තු වී සැරයන් රෝහලේ….

Admin