Colombo Today Local News

පැණි දම්මිකගේ මල්ලී කොරෝනාවෙන් මරුට

කොරෝනා රෝගයට දේශීය ඖෂධීය පානයක් නිෂ්පාදනයක් කරමින් රටපුරා ජනප්‍රියත්වයට පත්වූ කෑගල්ලේ උඩුමාගම ධම්මික බංඩාර මහතාගේ බාල සහොදරයා කෝවිඩ් වෛරසය උත්සන්න වීමෙන් මිය ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල මාකූර ගනේගොඩතැන්නේ පදිංචිව සිටි අප්පුකුට්ටි කංකානමලාගේ හීන් බංඩා නැමැති 58 හැවිරිදි තිදරු පියකු බව පොලිසිය පවසයි.

පිළිකාවකට රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 12 වැනිදා රාත්‍රි නිවසේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර පසුව කෑගල්ල මහ රෝහලේ දී දේහය සම්බන්ධයෙන් කරන ලද රැපික් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඔහුගේ අවසන් කටයුතු කොරෝනා සෞඛ්‍ය නීතිරීති අනුව කෑගල්ල ආදාහණාගාරයේ දී සිදු කර ඇත.

Related posts

ජනපති නිවෙස අසල විරෝධතාවක්

colombotoday

ගාලුමුවදොර විරෝධයේදී විනෝද වෙමින් සිටි පුද්ගලයකු මිය යයි

colombotoday

තීන්දුව සූදානම්… ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කරයි…

colombotoday

පොහොට්ටුව අගනුවර බලයත් අල්ලයි.. නගරාධිපති මධුර විතානගේ

colombotoday

මුතුහෙට්ටිගමට ඇප

Admin

බලශක්ති ක්ෂේත්‍රය අහිමි වීමේ අවදානමක්… සිපෙට්කෝ ඉන්ධනහල් විකිණෙයි

colombotoday