මෙරට නායකයන් ලෝකෙ වටේම ගියත්, රතු පලස් දාල පිළිගත්තත්, අතට අත දුන්නත් මෙතෙක් අතට ලැබුණු පිච්චියක් නැතැයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා පවසයි.
ආර්ථිකය බලා සිටිද්දී ප්‍රපාතයට ඇද වැටෙන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටවී ණය ගැනීමත්, එදා බැණ වැදි චීනය පසුපස සල්ලි ඉල්ලමින් යාම හැරෙන්නට කිසි සැලැස්මක් මේ ආණ්ඩුවට නැතැයිද කි ඔහු, ගිය වසරේ කිසිදු විදේශ ආයෝජනයක් මෙරටට පැමිණ නැතැයිද පැවසිය.