ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය දීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 120 නව ණයවලට ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුමැතිය හිමි වී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය මෙලෙස අනුමැතිය ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වර්ධනයට සහ ආර්ථිකයට සහාය දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය මෙම ණය මුදල් ලබාදෙන බව කොළඹ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.