Colombo Today Local News

ඕනෑම කෙනකුට සහල් ආනයනය කිරීමට අවසර

වෙළෙඳ පොළේ සහල් මිල පාලනය සඳහා ඕනෑම අයෙකුට පිටරටින් සහල් ආනයනය කිරීමට අවසර දී ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සහල් කිලෝවකට සත 25 ක බද්දක් ගෙවා ඕනෑම අයෙකුට සහල් ආනයනය කළ හැකි බවද බවද ඔහු සඳහන් කරයි.

සතොස සහ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව හරහාද සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ආනයනය කිරීමට කටයුතු කරගෙන යන බව කී ඇමතිවරයා වෙළෙඳපොළේ ආනයනික සහල් මිල රුපියල් එකසිය පහට වඩා වැඩි වීමට ඉඩ නොදෙන බවද සඳහන් කරයි.

මේ අතර ආනයනය කරන ලද සහල් අඩංගු කන්ටේනර් පන්සීයක් වරායේ තිබෙන බවද ඔහු පවසයි.

Related posts

අර්චුනාට බඩු බනිස් – මාලිමාවෙන් කෙළවයි

colombotoday

ඡන්ද මධ්‍යස්ථානයක කණගාටුදායක සිදුවීමක්

Admin

පළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000ක්… අනියම් සහ ආදේශක සේවකයින්ට කඩිනමින් පත්වීම්..

Admin

21 වැනි ව්‍යවස්ථා සභාවට මන්ත්‍රීන් නොවන සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත් කැඳවයි

Admin

යූක්‍රේනයේදී අලුත් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක – 02 ගුවන් බල ඝනයට අයත් ඇන්ටොනෝව් යානා 03ක් යළි ගුවන් හමුදාවට

colombotoday

අරගලකරුවන් ජනාධිපති මන්දිරය ඇතුලට යයි

colombotoday