Colombo Today Local News

ISIS තර්ජණ ඇතිබව කියමින් කොළඹ සෞදි තානාපති කාර්යාලයේ ආරක්ෂාවට සෞදි පොලීසිය ගෙන්වයි

saudi arabia 23

කොළඹ සෞදි අරාබියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක කටයුතු වලින් ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ ඉවත් කර ඒ වෙනුවට සෞදියෙන් ආරක්ෂකයන් ගෙන්වාගෙන ඇති බව Colombotoday වෙත වාර්තා වනවා.

ඒ සදහා හේතු වශයෙන් සෞදි තානාපති කාර්යාලය දක්වා ඇත්තේ ISIS ත්‍රස්ත තර්ජන තමන්ට ඇති බවයි. ISIS ත්‍රස්ත ජාලය ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක වන බව රාජ්‍ය බුද්ධි අංශ මගින්ද පසුගිය සතියේ අනාවරණය කර තිබුණා.

කෙසේ වෙතත් ISIS ත්‍රස්තවාදීන් සහ ජාත්‍යන්තර ඉස්ලාමීය ත්‍රස්ත ව්‍යාපාර මෙන්ම ඉස්ලාමීය ව්‍යාප්තවාදය සදහා මතවාදීමය සහ මූල්‍ය ආධාර සපයන ප්‍රධානතම රාජ්‍ය ලෙස සැළකෙන්නේ සෞදි අරාබියයි. තම රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් හරහා ISIS ත්‍රස්ත ජාලයට මුදල් සැපයෙන බවද සෞදි රජය නිළ නොවන මට්ටමින් පිළිගෙන තිබුණා. ඉස්ලාමීය අන්තවාදය ලෝක ව්‍යාප්ත කිරීම සදහා සෞදි රජයද සෘජුවම දායකත්වය දක්වන බවද ප්‍රසිද්ධ රහසක්.

එසේ තිබියදී ශ්‍රී ලංකාව තුළද ISIS ඉස්ලාමීය ත්‍රස්ත ජාලය ක්‍රියාත්මක ඇති බව රාජ්‍ය බුද්ධි අංශ අනාවරණය කර ඇති පසුබිමක ඉස්ලාම් ත්‍රස්තවාදය ලෝක ව්‍යප්ත කිරීම සදහා ආගමික මතවාදය සහ මූල්‍යාධාර සපයන ප්‍රධානතම රාජ්‍යය වන සෞදි අරාබිය තමන්ට ත්‍රස්ත තර්ජන ඇති බව පවසමින් මෙරට සිය ප්‍රධාන මූලස්ථනයෙන් ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ ඉවත් කිරීම සම්බන්ධයෙන් මතු වන්නේ බරපතල සැකයක්.

Related posts

ටෙන්ඩර් මගඩියක් නිසා ලිට්රෝ ගෑස් මිල යළි ඉහලට !

colombotoday

ඕමානයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි කාන්තාවක් ජීවිතක්ෂයට

Admin

2023 අ.පො.ස. උසස් පෙළ ඇරඹෙයි

Admin

රන්ජන්ල වගේ ජෝකර්ලට මගේ ලේ හොල්ලන්න බෑ… කොකේන් පරීක්ෂණයට මගේ ලේ දෙන්නෑ

colombotoday

අරගලකරුවෙකුගේ හිසට යකඩ මුගුරකින් පහරදුන් පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙක් අත්අඩංගුවට

colombotoday

මඩකලපුව මංගලාරාමාධිපති හිමියන්ට එරෙහිව දෙමළ සංවිධාන වීදි බසී ! (Photo)

colombotoday