Colombo Today Local News

උතුරු දුම්රිය මාර්ගය මඩකලපුවෙන් යටවෙයි… කොළඹ-කොටුව දුම්රිය ධාවනය ඇනහිටි

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මඩකලපුව දුම්රිය මාර්ගය ජලයෙන් යටවිම හේතුවෙන් අද (10)දින මඩකලපුව හා කොළඹ කොටුව දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව ඇනහිටි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

මඩකලපුව සිට කොළඹ කොටුව අතර දුම්රිය මාර්ගයේ වාලච්චේන හා පූනානි අතර දුම්රිය මාර්ගය අඩි එකහමාරක් උසට මෙලෙස ජලයෙන් යටවි තිබේ.

මේ හේතුවෙන් අද (10) උදැසන මඩකලපුවෙන් කොළඹ බලා ධාවනය වු දුම්රිය වාලච්චෙන දුම්රිය ස්ථානයේ නවත්වනු ලැබු අතර ගල්ඔය හන්දියේ සිට මඩකලපුව දක්වා ධාවනය වු දුම්රිය පුනානි දක්වා සිමා කිරීමට සිදුවු බව දුම්රිය පාලක මැදිරිය කියයි.

මඩකලපුව දුම්රිය කොළඹ දක්වා ධාවනය නොවිම නිසා මඩකලපුව දුම්රිය අපේක්ෂාවෙන් කොළඹ බලා යැමට ත්‍රිකුණාමලය සිට දුම්රියෙන් ගල්ඔය හන්දියට පැමිණි මගින් වෙනත් දුම්රියක් ධාවනය වනතුරු පැය ගණනාවක් බලා සිටිමට සිදු ව ඇත.

Related posts

IMF නියෝජිතයින් අගමැති හමුවෙයි

colombotoday

විදේශ කටයුතු ඇමති අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය අමතයි

colombotoday

අලුත් මන්ත්‍රීන්ට පඩිදෙන්න කෝටි 74ක තවත් ණයක්

colombotoday

රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා සෑම රෝගියෙකුටම බිල් පතක්…

colombotoday

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවකයින් ඇසුරු කළ පිරිස් වෙත විශේෂ දැනුම් දීමක්

colombotoday

රටට වැඩක් නැතිනම් ශ්‍රීලනිප කිය කියා ඉදල වැඩක් නෑ. අලුත් පක්ෂයකට සහය දෙනවා – ගෝඨාභය මහා නාහිමිවරුන් බැහැදැක කියයි

colombotoday