Colombo Today Local News

ගජමුතු තුනක් සමඟ අයෙක් එස්.ටී.එෆ් දැලේ

රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුතු ගජමුතු තුනක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙක් තිස්සමහාරාම තිස්ස නගරයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

විශේෂ කාර්ය බලකාය වතුකොළකන්ද කඳවුරේ ස්ථාපිත දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්.එම්.කේ. ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ⁣ඊයේ (14) රාත්‍රියේ තිස්ස නගරයේ, ප්‍රධාන වටරවුම අසල දී වැටලීමක් සිදුකර ගජමුතු සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කතරගම පාර, තිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 හැවිරිදි පුද්ගලයකි.

අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාල ජාතික වනජීවි කාර්යාලය වෙත භාර දී ඇත.

Related posts

උගන්ඩා ජනපතිගේ පස්වන දිවුරුමට, විශේෂ ආරාධනයෙන් හිටපු ජනපති දිවයිනෙන් පිටත් වෙයි

colombotoday

බැදුම්කර මගඩි සමාගම ගැන මහබැංකුව අද ගත් තීරණය…

colombotoday

බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ නිල සංචාරයකට සැරසෙයි

colombotoday

ඥානසාර හිමිගේ මන්ත්‍රීධුරය කොල්ලකෑමට එරෙහිව අපේ ජන බල පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. විලයාන්ද්‍රන් රාජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරයි

colombotoday

පඩි වැඩිකරන්නැයි තැපැල් සංගමය පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක

Admin