Colombo Today Local News

“මහා පරිමාණයෙන් කොමිස් ගසමින් කළ සංවර්ධනයේ ප්‍රතිඵල දැන් ජනතාවගේ හිස මත”

අධික පොලියට ණය ලබාගෙන මහා පරිමාණයෙන් කොමිස් ගසමින් කළ මේ සංවර්ධනයේ ප්‍රතිඵල දැන් ජනතාවගේ හිස මත කඩා වැටෙමින් ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිදි නිදහසෙන් පසු පළමු වතාවට රට බංකොලොත් වීමට යන බව කී මන්ත්‍රීවරයා කිරිපිටි, ගෑස්, භූමිතෙල් මෙන්ම විදුලිය නැති රටක් වීමේ භයානක අනතුරට රට ගමන් කරමින් ඇතැයි සඳහන් කරයි.

රට ගලවාගැනීමේ වැඩපිළිවෙල නුදුරේදීම ජාතිය හමුවට ගෙන ඒමට තමන් බලාපොරොත්තු වන බව කී චම්පික රණවක මහතා මෙම තත්වයෙන් රට මුදා ගැනීමට එක් වන්නැයි ආණ්ඩුවේ සහ විරුද්ධ පක්ෂයේ දූෂණයට යටත් නොවූ දේශපාලකයින්ගෙන්, රට කරවා පුරුදු නිලධාරීන් ඇතුළු වෘත්තීයවේදීන්ගෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (15)දින පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වන විට ශ්‍රී ලංකාව සතුව ඇත්තේ ඩොලර් කෝටි 150 ක පමණ විදේශ වත්කමක් බව කී මන්ත්‍රීවරයා එළඹෙන වසරේ මුල් මාස කිහිපය, අතිශය තීරණාත්මක වනු ඇතැයි සඳහන් කළේය.

එම ප්‍රමාණයත් යහපාලන රජය සමයේ ගොඩනගා ගත් සංචිතවල ඉතිරිය බව කී මන්ත්‍රීවරයා 2022 වසරේ ගෙවිය යුතු සමස්ත ණය බර පමණක් ඩොලර් කෝටි 700 කට අධික බව ද කීය.

Related posts

“ප්‍රභාකරන් මගේ සතුරෙකු නොවේ.. ප්‍රභාකරන්ට වඩා මහින්ද ද්‍රෝහියෙක්, දුෂ්ඨයෙක්” – ෆොන්සේකා

colombotoday

බාලිකා පාසලට පැන්න ඇමති පුතා පොලිසියෙන් අල්ලයි… ඇල්ලූ සැනින් නිදහස්!

colombotoday

කොරෝනා වෛරසය මුදා හැරියේ අල්ලාහ් දෙවියන්, චීනුන්ගේ පළිගත්තා – ප්‍රසිද්ධ මුස්ලිම් පූජකයෙක් කියයි

colombotoday

ජිනීවා සමුළුවට තවත් ටොම් පචයක්.. නිවැරදි කරන්න තානාපති කාර්යාලයේ කවුරුවත් නෑ

colombotoday

ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩ වලට බද්දක්

colombotoday

ජූලි මාසේ විදුලි බිල වෙනස් වෙයි

Admin