Colombo Today Local News

දක්ෂිණ අධිවේගයේ මෝටර් රථ අනතුරක්.. සිව් හැවිරිදි දියණිය සහ පියා මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය, ගැලනිගම ප්‍රදේශයේදී සිදු වූ මෝටර් රථ අනතුරකින් එකම පවුලේ පියා සහ දියණිය මියගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇත.

කතරගම වන්දනාවේ ගොස් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර සිට කොළඹ බලා ධාවනය වූ මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව අද (15) අලුයම 1.30ට පමණ මිල්ලනිය 18 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී ආරක්ෂිත වැටෙහි ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරින් බණ්ඩාරගම රේරුකාන ප්‍රදේශයේ පදිංචිව සිටි සිව් හැවිරිදි දියණිය සහ ඇගේ පියා යන 39 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Related posts

අජිත් රෝහණ සුවවී ගෙදර යයි

colombotoday

ඉස්ලාම් ආගමට අපහාස කළ ලාංකීකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණයෙන් දඩ

colombotoday

ජනපතිගේ අමාත්‍යාංශයට එරෙහිව බුද්ධික FCIDයයි

colombotoday

මිල අඩු කළ සතොස භාණ්ඩ වර්ග මෙන්න

Admin

රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ නඩුව : බැසිල් නිදොස් කොට නිදහස්

colombotoday

ප්‍රසංගයේ වෙඩිතැබිමේ සිදුවීමේ වගකීම අයි.එස්. සංවිධානය බාරගනී

Admin