Colombo Today Local News

හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර අද අවසන් ගමන් යයි.

1941 අගෝස්තු මස 05 වන දින හපුතලේ දී උපත ලැබූ වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා ඊයේ(14)දින රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට වයස අවුරුදු 80ක්

හිටපු කථානායකවරයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා 1977 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසියේය.

1989 වසරේදී සංස්කෘතික කටයුතු, අධ්‍යාපන හා මාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර 2004 අප්‍රේල් 22 වන දා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පත්විය.

පාර්ලිමේන්තුවේ 16 වන කථානායක ලෙස 2004 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා අභාවප්‍රාප්ත වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා කටයුතු කරනු ලැබීය.

ඔහු කුමාරතුංග මුනිදාස කුමාරතුංග විසින් ආරම්භ කරන ලද හෙළ හවුල සිංහල සාහිත්‍ය සංවිධානයේ සාමාජිකයෙක්ද වෙයි.

ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු නිරෝධායන නීතින්ට අනුකූලව අද(15)දින කොටිකාවත්ත ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.

Related posts

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

colombotoday

ඔන්ලයින් ණය දෙන අය අල්ලන්න අලුත් නීති ගේයි

Admin

මංගලගේ සුත්තරෙන් අදත් තෙල් මිල ඉහල යන ලකුණු

colombotoday

අද කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

සේවය හැර ගිය සෙබළුන්ට සත් දින සමාකාලයක්

colombotoday

නව වසරේ දින 9ක් තුළ ඩෙංගු රෝගීන් 247 ක්

colombotoday