ඇමරිකා එක්සත් ජනපයේ 7වැනි නාවික බළ ඇණියේ USS බ්ලූ රිජ් නෞකාව (LCC19) මාර්තු 26 වැනිදා කොළඹ වරායට පැමිණීමට නියමිත බව ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.
පසුගිය මස ඇමරිකාවේ වොෂිංටන් නුවර පැවති සහයෝගීතා සාකච්ඡාවලදී හුවමාරු කරනලද අදහස් අනුව ඉන්දියානු සාගර කලාපයේ සාගර ආරක්ෂක සහයෝගීතා ප්රයත්නයන් ශක්තිමත් කිරීම, මුහුදු කොල්ලකෑම් පාලනය, මානුෂීය ආධාර වැඩසටහන් සඳහා සහායදීම සහ කලාපයේ අත්‍යවශ්‍ය නැව් මාර්ග තුළ සංචලනයේ නිදහස් බව සහ ආරක්ෂිතභාවය තහවුරු කිරීමට මෙම නෞකාව පැමිණෙන බවද තානාපති කාර්යාලය පවසයි.