Colombo Today Local News

කම්කරු සමාජ ආරක්ෂණ අරමුදලට අදාළ ලියවිල්ල සැකසීමට කමිටුවක්

මෙරට විශ්‍රාම වැටුප් අහිමි අර්ධ රාජ්‍ය,පෞද්ගලික අංශයේ හා අවිධිමත් සේවා අංශයේ සේවයේ නියුතු වූවන් සඳහා වන සමාජ ආරක්ෂණ අරමුදලක් සැකසීමේ මූලික ලියවිල්ල සැකසීමට වෘත්තීය සමිති ,සේව්‍ය සම්මේලනය සහ රජය පාර්ශවය නියෝජනය කරමින් ත්‍රෛපාක්ෂික කමිටුවක් පිහිටුවා තිබේ.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේදී මෙම කමිටුව පිහිටුවනු ලැබීය.

කම්කරු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බී.වසන්තන් මහතා එහි කැඳවුම්කරු ලෙස අමාත්‍යවරයා විසින් පත් කර තිබේ.

මෙම සමාජ ආරක්ෂණ අරමුදල තුළින් මේ රටේ සමාජයේ විසිරී සිටින වයෝවෘද්ධ සමයේ ආර්ථික සුරක්ෂිතතාවයක් නොලැබෙන පුරවැසියන් වෙනුවෙන් ඔවුන්ට යම් ආර්ථික වශයෙන් ශක්තියක් ලබාදීම ප්‍රධාන අරමුණ බවයි අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දී ඇත්තේ.

එහි ප්‍රධාන ප්‍රතිපත්තිමය රාමුව සකස් කිරීමටත්,ඉන්පසුව එහි සංකල්පීය පදනම ගොඩනැගීමත් මෙම කමිටුවට පැවරෙන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

එම සමාජ ආරක්ෂණ අරමුදල කෙසේ සකස් විය යුතු ද, එහි ප්‍රතිලාභී කවුරුන් විය යුතු ද, එහි ප්‍රතිලාභ මොනවා විය යුතු ද යනාදි වශයෙන් පළල් සීමාවක සිට එම සංකල්ප පත්‍රිකාව සකස් කරන ලෙස අමාත්‍යවරයා මෙහි දී ඉල්ලා තිබේ.

මෙම සමාජ ආරක්ෂණ අරමුදල රජයේ යෝජනාවක් වුව ද එහි කටයුතුවල ව්‍යුහය සකස් විය යුත්තේ මේ රටේ වැඩකරන පන්තියේ නියෝජිතයන් වන වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහ සේව්‍ය සම්මේලනයේ සාමූහික අදහස් මත බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

මෙය පහසු සහ කඩිනමින් කළ හැකි කාර්යයක් නොවන බවත් ඒ සඳහා ගත යුතු නීතිමය හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග රැසක් ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ,මෙම සමාජ ආරක්ෂණ අරමුදල සැකසීමේදී වතු කම්කරු ජනතාවගේ නියෝජනයක් ද ලබාගන්නා ලෙසයි.

Related posts

ඉරණතිව් හි කොවිඩ් මළ සිරුරු භූමදානයට දූපත්වාසීන්ගේ විරෝධතාවයක්

colombotoday

මංතීරු නීතිය කඩකරන්නන්ට රුපියල් දෙදහසක දඩයක්

colombotoday

අගමැතිකමට මීළග සුදුස්සා මමයි – ජෝන්

colombotoday

ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට ඇමති ප්‍රසන්න තීරණය කරයි

colombotoday

අගමැති රනිල් අවුරුදු තුනට 64 වතාවක් හෙළිකොප්ටරයෙන් දෙනියායේ ගිහින් !

colombotoday

රුවන්වැලි සෑයටත් වඩා උසින් නත්තල් ගහ දැන් ගාලුමුවදොර.. ‘කාලිංගමාඝවත් මෙහෙම දෙයක් කරේ නෑ‘අගමැති කියයි

colombotoday