Colombo Today Local News

පොලිස් වෙස් ගෙන කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් විවිධ කොල්ලකෑම්වල නිරත පුද්ගලයින් තිදෙනෙකු වත්තල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් කුරුණෑගල සහ වත්තල සේදවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

පොලිස් නිලධාරීන් ලෙස පෙනීසිටීම සඳහා සකස් කළ ව්‍යාජ හැඳුනුම්පතක් ඔවුන් සතුව තිබී සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එවැනි කොල්ලකෑම් සිද්ධි 17ක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ලැබී තිබූ බවය.

එම සැකකරුවන් විසින් විවිධ පුද්ගලයින් වෙත තමන් පොලිස් නිලධාරීන් බව පවසා ඔහුව අත්විලංගුවක් යොදා යම් ස්ථානයකට රැගෙන ගොස් ඔහු සතු රන් ආභරණ හෝ මුදල් කොල්ලකෑම සිදුකර තිබේ.

පොලීසිය සඳහන් කළේ ත්‍රිරෝද රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් වැඩි වශයෙන් ඉලක්ක වී ඇති බවය.

Related posts

එජාප මන්ත්‍රීවරුන්ට ගහලා එලෙව්වේ නැත්තේ ඇයි කියලා සජිත් ප්‍රේමදාස ඇහුවා

colombotoday

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි කැඩේ

Admin

රාජිත සේනාරත්න අත්අඩංගුවට

colombotoday

රෑට මහ පාරේ රේස් පැද්ද යතුරුපැදි 24ක් අත්අඩංගුවට. පැද්ද අයට මෙන්ම හිමිකරුවන්ටත් නඩු

colombotoday

නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

Admin