ලංකා කතෝලික සභාවේ මන්නාරම රදගුරු ධුරය දැරූ රාජයප්පු ජෝශප් පූජකවරයා දැඩි ලෙස ගිලන්ව සිටින අතර ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බව වාර්තා වේ.
පසුගිය මැයි මසදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කොළඹදී මුණගැසීම සදහා යමින් සිටියදී රදගුරුවරයා හදිසි ආඝාතයකට ලක්වීමෙන් රෝහල්ගත කරන ලදි.
මන්නාරම රදගුරු ධුරයේ කයටතු කිරීම සදහා වතිකානුව විසින් මඩකලපුව ප්‍රදේශයේ භාර රදගුරුවරයා තාවකාලිකව පත්කර ඇති බවද වාර්තා වනවා.
පසුගිය දශක කිහිපය පුරා රායප්පු ජෝශප් පූජකවරයාගේ භූමිකාව ආන්දෝලනාත්මක එකක් වූ අතර ද්‍රවිඩ ඊළාම් බෙදුම්වාදය සහ සන්නද්ධ ත්‍රස්තවාදය පෝෂණය කිරීම සහ ජාත්‍යන්තර මතවාදය ගොඩ නැගීම සදහා ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයෙකු ලෙසයි ඔහු සැළකෙන්නේ.