Colombo Today Local News

මංගල – ජෝන් කෙරී ගිවිසුමෙන් ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතල අනතුරක !

mangala samaraweera - jhon keri

 

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර හා ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අතර පසුගිය පෙබරවාරි මස 26 වැනි දින අත්සන් කරනු ලැබූ ගිවිසුම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතල හානි කරන ගිවිසුමක් බව හෙළිවේ.

ආරක්ෂක හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක් ලෙස දක්වමින් ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව වොෂින්ටන් ඩී.සී. හිදී ඒකාබද්ධ ප්‍රකාශයක්ද සිදු කර තිබේ.

මෙම ගිවිසුම අනුව එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දීම මෙන්ම කලාපීය මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ මුහුද, ගොඩබිම මෙන්ම ගුවන් සීමාවන්ද ලබා දීමට එකඟ වී තිබේ.

මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට වඩාත් හානිකර වනුයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ලෙස පැමිණෙන ඕනෑම කණ්ඩායමකට ශ්‍රී ලංකාවේ ඉඩ ලබා දීමට සිදුවීමය. එසේම ශ්‍රී ලංකාවට අයත් සන්නිවේදන හා තාක්ෂණික කටයුතුද ඊට සමගාමීව එසේ පැමිණෙන හමුදාවන්ට ලබා දීමට සිදුවීම තුළින් මෙරට ආරක්ෂාව බරපතළ තර්ජනයකට ලක්වේ.

මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය බරපතළ ලෙස අනතුරකට හෙළා ඇති අතර මෙම ගිවිසුමේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලය හෝ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බවයි වාර්තා වන්නේ.

Related posts

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්න නිවා දැමේ..

Admin

තිත්ත වුණත් ඇත්ත දැනගන්න ඕන… පාස්කු ප්‍රහාරය ගැන සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්

Admin

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පහරදී කතක් රෝහලේ.. අක්මීමන විරෝධතා

colombotoday

සජින් වාස්ට රුපියල් 1000ක දඩයක් !

colombotoday

පුංචි පහේ හපනුන්ගේ ප්‍රතිඵල නිකුත් වෙයි

colombotoday

මැතිවරණයට දින තුනකට පෙර අර්ජුන් ඇලෝෂියස් අත්අඩංගුවට

colombotoday