Colombo Today Local News

මහර කැරැල්ල – තුවාල ලැබූවන් 107 ක් දක්වා ඉහළට

මහර බන්ධානාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද පරීක්ෂණ ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විම සඳහා පොලිස් අධිකාරිවරයෙකුගෙන් සමන්විත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් පත් කර ඇති බවයි.

කළහකාරි සිදුවීමෙන් මිය ගිය රැඳවියන්ගේ මළ සිරුරු මෙතෙක් හඳුනාගෙන නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මළ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ අද දිනයේ සිදු කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ ද පැවැත්විමට නියමිතව තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබු සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම නොසන්සුන්තාව ආරම්භ වුයේ පෙරේදා පස්වරුවේයි.

අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරින් එහිදී සිය බලය යෙදවු බව පොලීසිය සදහන් කළේ ය.

කලහකාරි ලෙස හැසිරුණු රැඳවියන් බන්ධනාගාරයේ දේපළවලට හානි කර ගිනි තබා තිබිණ.

ගින්නෙන් බන්ධනාගාරයේ පිහිටි සෞඛ්‍ය කාර්යාලයට මෙන්ම ගබඩා කිහිපයකට ද හානි සිදුව තිබේ.

සිද්ධියෙන් බන්ධනාගාරයේ දේපළ රැසක් විනාශ විය.

මේ අතර මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් කමිටුවක් පත්කර තිබේ.

එහි සභාපතිත්වය දරන්නේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියයි.

මේ අතර, මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන් තත්ත්වය පිලිබඳ හේතු සොයා විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා , පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.

Related posts

හිටපු ඇමති හයකට වැඩ වරදියි?

Admin

රාජිතට හොදම ස්ථානය බන්ධනාගාරයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයයි.

colombotoday

අල්ලන කුඩු තොග පිටින් ප්‍රබල දේශපාලකයන් හරහා නැවතත් ජාවාරම්කරුවන් අතට !

colombotoday

දන්සලක් දී මත්පැන් සාදයක් දැමුවාට එරෙහි වූ අයෙක්ට පොරවකින් කොටලා

Admin

හරිතාගාරවල වැව්වොත් ලක්ෂ 5ක ආධාරයක් රජයෙන්

Admin

සියළු කැලෑ පාළුවන් අල්ලන්න STF කැදවයි.. විල්පත්තුවම ගිල්ලත් බදුර්දීන්ට අත නොතියයි !

colombotoday